• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

2023 ක්‍ C RUGBY තරගාවලිය මෙම 16 දා AGOAL අනුග්‍රහයෙන් උත්සවාකාරයෙන් පැවැත්වෙයි! I Sri Lanka Latest News

September 9, 2023
in Business
Reading Time: 3 mins read
A A
2023 ක්‍ C RUGBY තරගාවලිය මෙම 16 දා AGOAL අනුග්‍රහයෙන් උත්සවාකාරයෙන් පැවැත්වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රග්බි ලෝලීන් පුන පුනා බලා සිටි එක් පිලකට ක්‍රීඩකයන් 7 දෙනා බැගින් ක්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරගාවලිය සැප්තැම්බර් 16 වැනි සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ CR&FC පිටියේදී පැවැත්වෙයි. මෙම රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවණේ මෙම ක්‍රීඩාව පූර්ණකාලීනව අවසන් නොවන බවට මතු බලාපොරොත්තු සහිතව වසරකදී යළිත් වරක් එකට මුණගැසෙන සුන්දර මොහොත උදාවීමක් ලෙස සැලකේ.

මෙය සොයුරු සොයුරි පාසල්වල ආදි ශිෂ්‍ය කණ්ඩායම් එකම ක්‍රීඩා පිටියක් කරා ගෙනෙන, ඔවුන් තුළ පවතින මිත්‍රත්වය යළි පුබුදු කරන, පසුගිය වසරවල චමත්කාරය සිහිගන්වන, මුළු පවුලටම සතුටින් විනෝදයෙන් පිරීගිය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙමින් රග්බි තරග නැරඹීමට අවස්ථාව උදාකරන එකම තරගාවලියයි.

සොයුරු සොයුරි පාසල්වල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කණ්ඩායම් දහසයක් ඒකාබද්ධ වෙමින් පෙර වසරවල රග්බි තරගවල මහිමය සිහියට නගමින්, ආහාරපාන කුටි, ළමයින්ට ක්‍රීඩා කිරීමට ප්‍රදේශයක් සහ නොනවතින සංගීතයෙන් හදවත් මුසපත් කිරීමට සමත් වන ආකාරයට සැණකෙළියක ස්වරූපයෙන් මෙම දිනය සැලසුම් කර ඇත. මෙම දිනය වර්ණවත් කරන Slipping Chairs, Magic Box Mixup and Jam lab hk යන ජනප්‍රිය දේශීය සංගීත කණ්ඩායම්වලට මෙරට ජන හද දිනා සිටින Lunatics ඇතුළු DJs කණ්ඩායම්ද එක්වෙති.

පස්වරු 1.00ට ආරම්භ වී මධ්‍යම රාත්‍රිය තෙක් පැවැත්වෙන මෙම තරගාවලියට රාත්‍රී 7.30ට කුසලාන සඳහා අවසන් තරග ඇරඹීමට පෙර පවත්වන ප්‍රදර්ශන තරගද සමගින් තරග 44ක් ඇතුළත්ය. ප්‍රදර්ශන තරගවලින් පසුව Plate Finals and Cup Finals තරග පැවැත්වේ.

එක් එක් කණ්ඩායමට අවුරුදු 25 ට වැඩි වයස් කාණ්ඩවලින් ක්‍රීඩකයන් දෙදෙනකුටත්, වයස අවුරුදු 35ට වැඩි කාණ්ඩයෙන් ක්‍රීඩකයන් තිදෙනකුටත්, පිරිමි කණ්ඩායමේ සොයුරි පාසලෙන් ක්‍රීඩිකාවන් දෙදෙනකුටත් අවසර දෙනු ඇත. එම සංයෝගයෙන් එකිනෙකට වෙනස් කාලවල ක්‍රීඩකයන්ට එකට ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව සැලසීම සහතික කෙරෙයි. මෙම තරගාවලියට සහභාගි වීමට දැනටමත් කණ්ඩායම් 16ක් ලියාපදිංචි වී සිටීමෙන් ඒ කෙරෙහි දක්වන උනන්දුව මනාව පැහැදිලි වෙයි.

ආදි සිසුන්ගෙන් සමන්විත එම කණ්ඩායම් නම් – රාජකීය / විශාඛා, ඉසිපතන/ශාන්ත පාවුළු, ශාන්ත ජෝශප්/ශාන්ත බි්‍රජට්, කිංස්වුඩ්/මහනුවර උසස් බාලිකා විද්‍යාලය, වෙස්ලි/මෙතෝදිස්ත, ඩී.එස්. සේනානායක/සිරිමාවෝ බණ්ඩාරනායක, ආනන්ද/මියුසියස්, ටි්‍රනිටි/හිලිවුඩ් සහ බාලිකා, ශාන්ත තෝමස්/බිෂොප්, ශාන්ත අන්තෝනි/මහනුවර යහපත් එfඩ්රාගේ කන්‍යාරාමය, ශාන්ත සිල්වෙස්ටර්/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, ධර්මරාජ/මහාමායා, ශාන්ත බෙනඩික්/යහපත් එfඩ්රාගේ කන්‍යාරාමය, විද්‍යාර්ථ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය, ශාන්ත පීතර/බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ තර්ස්ටන්/රත්නායක බාලිකා විද්‍යාලය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කචල්… කචල්… කචල්…! හැම තැනම කචල්..! එහෙත් කචල්..! මෙහෙත් කචල්..! මෙන්න මෛත්‍රී මොනවදෝ කියනවා..! VIDEO I Sri Lanka Latest News

Next Post

ධම්මික ප්‍රසාද්ට-තරිඳු රත්නායකට කතා කරලා බිලිබාගන්න හදලා! මැච් එකකට ඩොලර් 60000ක්! විනාඩි 49ක වට්ස්ඇප් වීඩියෝ කෝල් එකක්! විමර්ශන නිලධාරීන්ටත් අල්ලස් දෙන්න ට්‍රයි කරලා! ක්‍රිකට් තරග පවා දීමට මාට්ටු වූ සචිත්‍රව කොටු කළ මෙහෙයුම එළියට! ගේම ගැහුවේ පොලිසියේ ජගත් ෆොන්සේකා! I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.