• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

චැනල් 4 M-G-R සහ 3D..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

September 9, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
චැනල් 4 M-G-R සහ 3D..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී වසරකට පසු එනම් 2016 ඔක්තෝබර් 12 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී බෝම්බයක් අතහැරියේය. ඔහු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු හමුදා නායකයන් උසාවි කූඩුවට නැග්ගීම ගැන තමා අප්‍රසාදය පළ කරන බවත්, තමන් මීට පෙර කට වහගෙන හිටියත් යහපාලන ආණ්ඩුවේ මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව කතාකරන්න තමන්ට සිදුවී ඇති බවත් කියා තමාගේත් රනිල්ගේත් යහපාලන ආණ්ඩුව පුපුරන්න ආසන්න බව නොකියා කීවේය.Sri Lanka Latest News

මෛත්‍රීගේ මේ බෝම්බය පිපිරුණු සද්දෙන් ඇදගෙන වැටුණේ අගමැති රනිල් ඇතුළු යූ.ඇන්.පී.යය. රනිල් වහාම යූ.ඇන්.පී. ඇමැතිවරු ගෙනැවිත් මේ ගැන සාකච්ඡා කළේය. එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ගෝඨාභය සහ හමුදා නායකයන් උසාවි ගෙනයෑම ගැන කලකිරීමෙන් සිටින බවටත්, එය හමුදාව තුළ ආණ්ඩු විරෝධයක් දක්වා වර්ධනය විය හැකි බවටත් දුන් බුද්ධි අංශ වාර්තාවක් නිසා කෝපයට පත්වී මෛත්‍රී මෙම කතාව කළ බව රනිල්ගේ මතය විය. ගෝඨා හිතවාදී හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෛත්‍රීපාල සහ රනිල් අතර ගැටුම් ඇතිකොට ආණ්ඩුව වට්ටවන්න කුමන්ත්‍රණය කරන බව රනිල්ගේත් ඇමැති මණ්ඩලයේත් මතය වූ අතර, වහාම ඔහුව ඉවත් කරන ලෙස කැම්පේන් එකක් පටන්ගන්න තීරණය විය. ඉන් පසු පැවැති ඇමැති මණ්ඩල පුවත්පත් සාකච්ඡාවේදී එවක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බුද්ධි අංශ ප්‍රධානී සලේගේ නම කියලා ගැහුවේය.

‘අද යාපනය අස්ථාවර කරන්නේ මේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා. යාපනයේ මිනී මරන ආවා ගෲප් එක හමුදා බුද්ධි අංශ නිර්මාණයක්.’ මේ රාජිත කිව්ව කතාවය. ඉන් පසු සිවිල් සංවිධාන නායක මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපති සහ අගමැති අතර ප්‍රශ්න ඇතිකොට ආණ්ඩුව අස්ථාවර කරන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී සලේ බවත්, ඔහුව වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් කීවේය. මේ මහාචාර්යවරයා ඇතුළු සිවිල් සංවිධාන නායකයන් මෛත්‍රී හමුවී සලේට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ විට මෛත්‍රී ඔහුව හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරෙන් ඉවත් කළේය.

රනිල් සහ යූ.ඇන්.පී.ය හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරෙන් ඉවත් කරන්න කී සලේ අද ජනාධිපති සහ ආරක්ෂක ඇමැති රනිල්ගේ රාජ්‍ය ඔත්තු සේවා ප්‍රධානියාය. ඔහුව රාජ්‍ය ඔත්තු සේවා ප්‍රධානියා ලෙස පත්කළේ ගෝඨාභය ජනාධිපති වීමෙන් පසුවය. ගෝඨාගෙන් පසු ජනාධිපති වූ රනිල් ඔහුව ඉවත් කළේ නැත.

දැන් චැනල් 4 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වැඩසටහන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට එල්ල කරන චෝදනා නිසා ඔහුව ඉවත් කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටී. ඒත් රනිල් තවම එයට ප්‍රතිචාර දක්වා නැත.

මේ සලේගේ සිද්ධියෙන් පේන්නේ මෛත්‍රී සහ රනිල් යන දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත බවය. මෛත්‍රී ජනාධිපති වුණේ යූ.ඇන්.පී. ඡන්දවලින්ය. රනිල් ජනාධිපති වුණේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින්ය. මෛත්‍රී යූ.ඇන්.පී. ඡන්දවලින් ජනාධිපති වෙලා ගැහුවේම යූ.ඇන්.පී.යටය. ඒ කාලේ රනිල්ට යූ.ඇන්.පී. මන්ත්‍රීවරයකුට ඇමැතිකමක් අරගෙන දෙන්න මෛත්‍රී ළඟ වැඳවැටෙන්න සිදුවිය. අද රනිල් පොදුජන පෙරමුණේ ඡන්දවලින් ජනාධිපති වෙලා රාජපක්ෂලා කොයි තරම් රනිල් ඉදිරියේ වැඳවැටුණත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දෙන්නේ නැත.

මෛත්‍රී, රනිල් ඇතුළු යූ.ඇන්.පී. ආණ්ඩුව සමග ගැටුම් හදාගෙන මුළු රටම අස්ථාවර කොට විනාශයට ගෙන ගියේය. අද රනිල් පොදුජන පෙරමුණේ නායකයන් සමග ගැටුම් හදාගෙන රට තුළ නැති ප්‍රශ්න ඇතිකරමින් සිටී.

මෛත්‍රී ජනාධිපති වූ පසු තමා ජනාධිපති වූයේ යූ.ඇන්.පී. ඡන්දවලින් බව කියන්න කැමැති නොවීය. ඔහු කීවේ තමාට ශ්‍රීලනිප ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබුණු බවය. ඒ වගේම ඔහු ජනාධිපති වුණු දින සිට ඊළඟ ජනාධිපතිවරණයට යූ.ඇන්.පී.යේ පොදු අපේක්ෂකත්වය බලාපොරොත්තු විය.

රනිල් පාර්ලිමේන්තුවේ ජනාධිපති වූයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින් වුණාට රනිල් ප්‍රසිද්ධියේ එය පිළිගත්තේ නැත. ඔහු කියන්නේ ඔහුට සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලැබුණු බවය. ඒ වගේම ඔහු ජනාධිපති වුණු දින සිට උත්සාහ කරන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගන්නටය.

තමාට යූ.ඇන්.පී.යේ සහාය ජනාධිපතිවරණයේදී නොලැබෙන බව තේරුම්ගෙන මෛත්‍රී කළේ යූ.ඇන්.පී.ය දෙකඩ කරන්න කුමන්ත්‍රණය කිරීමය. තමාට ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණු අපේක්ෂකත්වය නොලැබෙන බව දැන අද රනිල් කරන්නේත් පොදුජන පෙරමුණ දෙකඩ කරන්න කුමන්ත්‍රණය කිරීමය.

මෛත්‍රී යූ.ඇන්.පී.ය දෙකඩ කරන්න කුමන්ත්‍රණය කරන අතරතුර විපක්ෂය වූ මහින්දගේ ඒකාබද්ධ විපක්ෂයත් කඩන්න ගහන්න පුළුවන් හැම ගේමක්ම ගැහුවේය. අද රනිල් පොදුජන පෙරමුණ කඩන්න උත්සාහ කරන ගමන් විපක්ෂය වූ සමගි ජන බලවේගය කඩන්න දන්න හැම ගේමක්ම ගහයි.

මෛත්‍රී රනිල් විනාශ කරන්න රනිල්ට බැඳුම්කර චෝදනාව ගෙන ආවේය. රනිල් මෛත්‍රී විනාශ කරන්න පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී පිට පටවන්න උත්සාහ කළේය. අන්තිමට බැඳුම්කර චෝදනාවෙන් මෛත්‍රී සහ රනිල් යන දෙදෙනාම විනාශ විය. පාස්කු බෝම්බයෙන්ද වුණේ මෛත්‍රී සහ රනිල් යන දෙදෙනාම විනාශ වීමය. බැඳුම්කර චෝදනාවට වගකිව යුතු අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති ධුරයට පත්කළේ මෛත්‍රීපාලය. ‘මම අර්ජුන් මහේන්ද්‍රන්ව පත් කළේ රනිල් කිව්ව නිසා’ කියලා මෛත්‍රි කිව්ව කතාව ජනතාව පිළිගත්තේ නැත. පාස්කු ප්‍රහාරය වළක්වන්න තමාට බැරි වුණේ තමාව ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ගෙන ආවේ නැති නිසා යැයි රනිල් කිව්ව කතාව ජනතාව පිළිගත්තේ නැත.

ගෝඨාභය, මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වූ විට රනිල්ව අගමැති කරන්න යද්දී මෛත්‍රීපාල එයට එකඟ දැයි නිමල් සිරිපාල හරහා පණිවුඩයක් යවා අහලා බැලුවේය. තමාට අගමැතිකම නොලැබී නිමල් සිරිපාල හෝ ඩලස් අගමැති වෙනවාට අකැමැති වූ මෛත්‍රිපාල රනිල් අගමැති වෙනවාට විරුද්ධත්වයක් පළ කළේ නැත. ඒත් රනිල් ජනාධිපති වූ විට මෛත්‍රී බය වුණේ රනිල් ඔහුගෙන් පලිගනී කියාය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුව දුන් විට මෛත්‍රී තවත් බය වුණේ රනිල් පාස්කු ප්‍රහාරයට තමාව බිල්ලට දෙයි කියලාය. රනිල්ද ඒ කාලයේ මෛත්‍රී බැඳුම්කර චෝදනාවට තමන්ව අත්අඩංගුවට ගනියි කියලා මෛත්‍රීට බයෙන් හිටියේය. දැන් මෛත්‍රීගේ බය වැඩිවෙලා මෛත්‍රී බලන්නේ රනිල්ට එකතු වෙන්නටය. ඒකට බාධාව දයාසිරිය. ඒ නිසා මෛත්‍රී දයාසිරිව පක්ෂයෙන් පැන්නුවේය. දයාසිරිව පක්ෂ ලේකම්කමින් පන්නන්න මෛත්‍රිට හයිය දුන්නේ රනිල්ගේ ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරුය.

චැනල් 4 පාස්කු බෝම්බයට ගෝඨාභයට ඇඟිල්ල දිගු කරන විට පාස්කු බෝම්බය වළක්වන්න උත්සාහ නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය මෛත්‍රීපාලට ඇඟිල්ල දිගු කරන විට පාස්කු බෝම්බය වළක්වන්න උත්සාහ නොකිරීම සම්බන්ධ නඩුවේ චෝදනා ඉදිරිපත් වූ රනිල් ජනාධිපති මුක්තිය පාවිච්චි කොට ඒ නඩුවෙන් නිදහස් වන විට අලුත් සන්ධානයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ සන්ධානය නම් රනිල්-මෛත්‍රීපාල-ගෝඨාභය සන්ධානයය. දැනටත් ගෝඨා සහ රනිල් ඉන්නේ එක පිලකය. දැන් මෛත්‍රී ශ්‍රීලනිපයත් අරගෙන ඒ පිලට එකතු වීමට සාකච්ඡා කරමින් සිටී.
ගෝඨාභය 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වන්නේ පාස්කු බෝම්බය නිසාය. පාස්කු බෝම්බය පිපිරුවේ නැත්නම් ඔහු අපේක්ෂකයා වන්නේ නැත. ගෝඨාභය ජනාධිපතිවරණය දිනන්නේත් පාස්කු බෝම්බය නිසාය. 2019 ජනාධිපතිවරණයට පසු මෛත්‍රීපාල දේශපාලන වශයෙන් නන්නත්තාර වන්නේත් 2020 මහ ඡන්දයෙන් රනිල්ට ඇපත් නැති වෙන්නේ පාස්කු බෝම්බය නිසාය. 2022 ගෝඨාභයට මර බයේ ජනාධිපතිකම රනිල්ට දීලා පැනලා යන්න වෙන්නේත් නිකම්ම නොවේ. පාස්කු බෝම්බය නැවත නැවත කරළියට එන්නේත් නිකම්ම නොවේ. අධිකරණය පාස්කු ප්‍රහාරය වළක්වන්න නොහැකි වීමේ වගකීම භාරගෙන වන්දි ගෙවන්නයි මෛත්‍රීපාලට නියෝග කළ විට හෙලිකොප්ටර් සන්ධානය මෛත්‍රිපාලව කොන් කළේ මෛත්‍රීපාලගේ පවු කරගහගෙන යන්න ඔවුන් අකැමැති වූ නිසාය.

බෝම්බය වළක්වන්න බැරි වූ මෛත්‍රීපාලට දේශපාලන දඬුවම් ලැබී තිබේ. 2020 මහ ඡන්දයේදී බෝම්බය වළක්වන්න අසමත් වූ බවට චෝදනා ලද රනිල්ටත් 2020 මහ ඡන්දයෙන් දඬුවම් ලැබිණි. පාස්කු බෝම්බය දේශපාලන පන්දුවක් කරගත් ගෝඨාභයට 2022 භයානකම දඬුවම ලැබිණි. ඒත් ඔවුන් පාඩම් උගෙන නැත. රනිල් ගෝඨාගේ පිහිටෙන් ජනාධිපති විය. ගෝඨා රනිල්ගේ පිහිටෙන් ආරක්ෂා වී සිටී. 2019 ගෝඨාට සහාය දී පාස්කු බෝම්බ චෝදනාවලින් බේරී සිටි මෛත්‍රි දැන් රනිල් සමග සන්ධානගත වී පාස්කු බෝම්බ චෝදනාවලින් බේරෙන්න වලිකයි.

‘මේ සන්ධානය දිනයිද…?’

ඒ ගැන දිවැසි වැකි කියන්න තවම කල් වැඩිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘වාඩිවෙනවා ඕයි ..! දවස් 3ක් කතා කරලා මොන බම්බුවක් ගහනවද දැන්..! මොන මගුලක්ද මේ..! ගහන්න ඕන පරයින්ට..!’ මාධ්‍යවල නොගිය කෙහෙළියට යකා නැග්ග හොඳම ටික! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙහෙළිය පොහොට්ටුවේ මන්ත්‍රීලගේ ඡන්දවලින් විශ්වාසභංගය දිනුවාට විවාදයෙන් ජයගත්තාද? ‌මෙන්න වීඩියෝ එක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.