ප‍්‍රසම්පාදන ක්‍රියාවලිය පිට මෙරටට ඖෂධ වර්ග ගෙන්වා ඇතැයි චෝදනා එල්ල කල කිසිවකු ඒ බව ඔප්පු කළ හැකි කඩදාසි කැබෙල්ලක් හෝ තමන්ට ලබා නොදුන් බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ තිබූ විශ්වාසභංග යෝජනා විවාදයේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ලංකා ඉතිහාසයේ දින තුනක් පුරා ඇදී ගිය එකම විශ්වාසභංග යෝජනාව මෙය බවයි.
තමන්ගේ රාජකාරිය බාර ගන්න කෙනෙකු එන්නේ නම් තමන් ඔහුගේ කාර්යයාලයට යාමට සූදානම් බවත් එසේ නැතිව කාලකන්නි වැඩ නොකරන ලෙසද ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
ඇමතිවරයා තම අදහස් පළ කරමින් සිටිද්දී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විසින් ඊට බාධා කිරීම නිසා අමාත්‍යවරයා කෝපයට පත්ව බැණ වදිනු දක්නට ලැබින.










