2022 වසරේ දී, මෝටර් රථ ධාවනයේ දී, රියදුරන් විසින් සිදුකර තිබෙන වැරදි සදහා අයකර ඇති දඩ මුදල්වල වටිනාකම රුපියල් බිලියන 2.5 ක් බව වාර්තා වේ. (Sri Lanka Latest News)
ඉන් බිලියන 1.3 ක්, පොලිස් නිළධාරීන් විසින් දඩකොළ ලිවීම හරහා උපයාගෙන ඇති අතර, තවත් බිලියන 1.2 ක්, අධිකරණයට ඉදිරිපත් කරන ලද රියැදුරන් සදහා ගෙවීමට නියම වූ දඩ මුදල් ඔස්සේ ලැබී තිබේ.
බීමත්ව රියපැදවීම, වැඩිම දඩ මුදලක් උපයා ගැනීමට සලස්වා ඇති වරදයි. ඒ ඔස්සේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 622 කි.
headlinenews










