හදිසි මිලදී ගැනිම් සම්බන්ධයෙන් කරන ප්‍රකාශයන් හේතුවෙන් සෞඛ්‍ය ඇමතිවරයා අද විහිළුවක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. (Sri Lanka Latest News)
හදිසි මිලදී ගැනීම් සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ඇමතිවරයාට නොමැති බවත් හෙට දිනයේදීත් හදිසි මිලදී ගැනීම්වලට යාමට සිදුව ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.
ඊයේ (03) වන විට රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 236ක හිගයක් පැවතින බවත්, මේවා නිසි ක්‍රමවේදය යටතේ ගෙන ඒමට කල්ගත වුවහොත් හදිසි මිලදීගැනීමට යාමට සිදුවනු ඇති බවත් වෛද්‍ය අලුත්ගේ පෙන්වා දුන්නේය.
හදිසි මිලදී ගැනීම් හමුවේ අද ප්‍රමිතියෙන් බාල ඖෂධ, වංචාව, දූෂණය, කොමිස් ගැසීම් වැනි කරුනු කාරණ සම්බන්ධයෙන් දිගින් දිගටම කථා කිරීමට සිදුව ඇතැයි හෙතෙම පැවසුවේය.
හදිසි මිලදී ගැනිම් හරහා අද වන විට තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට පැමිණෙමින් තිබෙන බවත් මෙවැනි ඖෂධ පරික්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් ඉදිකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න සෞඛය ඇමතිවරයාව සිටි කාලය තුළදී බවත් වෛද්‍ය අලුත්ගේ අවධාරණය කළේය.
lankasara










