ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ලබන වසරේ ආණ්ඩුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැවැත්වීමට සිදුවන බවත් ලබන වසරේ නොවැම්බර් මස අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (4) පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු දක්වමින් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කල්දැමුවත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා ජනාධිපතිවරණය කල්දැමීම ජනමත විචාරණයකින් කළ නොහැකි බව ද සඳහන් කළේය.
මහාචාර්ය ජී. එල්. පීරිස් නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.










