සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ හීත් ස්ට්‍රීක් (Heath Streak) අභාවප්‍රාප්ත වී ඇත.Sri Lanka Latest News
ඒ පිළිකාවක් වැළඳීම හේතුවෙනි.
අභාවප්‍රාප්ත වනවිට හීත් ස්ට්‍රීක් 49 හැවිරිදි වියේ පසුවිය.
හීත් ස්ට්‍රීක් මියගිය බව ඔහුගේ බිරිඳ(Nadine Streak) සිය Facebook ගිණුම හරහා සටහනක් තබමින් තහවුරු කර තිබේ.
කෙසේවෙතත් මීට සතියකට ඉහතදී හීත් ස්ට්‍රීක් මියගිය බවට සමකාලීන ක්‍රිකට් සගයකු වූ හෙන්රි ඔලොන්ගා ප්‍රකාශ කර තිබූ අතර පසුව එය වැරැදි බව ඔහු විසින්ම අනාවරණය කොට තිබිණ.










