හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද අලුත් තොරතුරක් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. Sri Lanka Latest News
ඒ, ගෝඨා ඉදිරි සති කිහිපය ඇතුළත ඊජිප්තුවේ සංචාරය කිරීමට සැලසුම් කරගෙන සිටින බවය.
ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ගෝඨා අවස්ථා දෙකකදී මේ අයුරින් විනෝද සංචාර සඳහා ඩුබායි රාජ්‍යයටත්, මියන්මාරයටත් ගොස් තිබිණි.
මෙවර ගෝඨාගේ ගමනාන්තය වී ඇත්තේ ඊජිප්තුවය.
සිය ඊජිප්තු සංචාරයේදී සුපිරි අත්දැකීමක් ලෙස සැලකෙන නයිල් ගඟ දිගේ ඇදෙන ‘නයිල් කෲස්’ චාරිකාවට එක්වීමටද ගෝඨා සැලසුම් කොට ඇති බව ආරංචිය.










