ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 15 සහ 16 යන දිනවල කියුබාවේ හවානා හි පැවැත්වෙන G 77 සමුළුවට සහභාගී වීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
G 77 සංවිධානයට ලෝකයේ සාමාජික රටවල් 134 ක් සිටින අතර එය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කළ ඒකාබද්ධ සාකච්ඡා ධාරිතාවක් නිර්මාණය කිරීම සඳහා නිර්මාණය කර ඇති සභාගයකි. නොබැඳි ව්‍යාපාරයේ ශාඛාවක් වන එය 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 77 කින් ආරම්භ විය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා අමෙරිකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගී වීමටද නියමිතය.










