ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5,6 ,7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වළකින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.Sri Lanka Latest News
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත හෙයින් ජනාධිපතිවරයා ඉහත නියෝගය නිකුත් කර ඇත.
අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින දෙකක් හෝ තුනක් අවශ්‍ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර ආණ්ඩු පාර්ශවයෙන් ඊට එකඟතාවය පළ විය.










