ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන්කළ කාන්තාවක ඊයේ (28) පස්වරුවේ දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. (Sri Lanka Latest News)
කළු පැහැති ඩෙනිම් කලිසමක් සහ මල් සහිත කහ පැහැති හැට්ටටයක් ඇද සිටි 22 වියේ පසුවන ඇයගේ අනන්‍යතාව මෙතෙක් හදුනාගෙන නොමැති බවද දුම්රිය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
මරදාන සිට අළුත්ගම බලා ධාවනයවූ දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කිරීමේදී රාත්‍රි 7.00 ට ආසන්නව අනතුර සිදුව ඇති බව සදහන් වේ.
මියගිය කාන්තාව එම දුම්රියෙන්ම වාද්දුව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ඇති බවත්, 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් වාද්දුව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .
lankadeepa










