එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය කේන්ද්‍රීයව සිදුවන අධිකරණ ක්‍රියාදාමය පළුදු වීමට කිසිසේත්ම ඉඩ නොදෙන නමුත් එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට පෙර නිව් ඩයමන්ඩ් ව්‍යවසනයක් සිදු වූ බවත් මේ නැවෙන් සිදුවූ තෙල් කාන්දුවෙන් සිදු වූ පරිසර දූෂණය සම්බන්ධයෙන් රජය කිසිදු පාඩමක් ඉගෙන නොගත් බවත් එක්ස්ප්‍රස් පර්ල් විනාශය සිදුවන විට වැරදි ආකාරයට එහි හානිය අර්ථ පූර්ණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තු කාරකසභාවලින් මෙය ප්‍රශ්න කර සිටින විට අදාළ ආයතන විසින් මෙම හානිය මීගමුව, පුත්තලම, මන්නාරම, පානදුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සිට නැගෙනහිර වෙරළ දක්වා සිදුවූ බවට පිළිගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ කටයුතු කිරීමේ දී රාජ්‍ය ආයතන නිවැරදිව නිර්ව්‍යාජව කටයුතු කරනවාද යන්න බරපතල ප්‍රශ්නයක් ඇති බවත් ඒ කටයුතු නීතිමය ක්‍රියාදාමයට අගතියක් නොවන ආකාරයට ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බවත් ය.
දැනට තක්සේරු කර ඇති මුදල ගණනය කර ඇත්තේ සුළු කොටසට පමණක් බැවින් මෙය හරියට ප්‍රශ්න කිරීමේ අයිතියක් ඇති බවත් නිව්ඩයමන්ඩ් සිදුවීමෙන් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් සිදුවීමේ මේ රජය තවම පාඩම් ඉගෙන ගෙන නැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.










