• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූඑන්පී-සජබ එකතු වෙනවට ජවිපෙ කැමැති ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

August 29, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
යූඑන්පී-සජබ එකතු වෙනවට ජවිපෙ කැමැති ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අපි කොහොමද ආයේ දිනන්නේ…?’Sri Lanka Latest News

70 අන්ත පරාජයට පසු යූ.ඇන්.පී. පාක්ෂිකයෙක් අහපු ප්‍රශ්නයට ජේ.ආර්. උත්තර දුන්නේ බයිබලයේ උපමා කතාවකින්ය.

‘බයිබලයේ තියෙනවා අපූරු කතාවක්. දවසක් ධනපතියෙක් ජේසුතුමාගෙන් අහනවා කොහොමද ස්වර්ගයට යන්නේ කියලා. එතකොට ජේසුතුමා කියනවා ස්වර්ගයට යන්න නම් ඔටුවාට ඉඳිකටු සිදුරකින් යන්න පුළුවන් වෙනවා වගේ වෙනස් වෙන්න ඕනෙ කියලා. ඒ වගේ දිනන්න අපිත් ඔටුවා ඉඳිකටු සිදුරකින් යන්න වෙනස් වෙනවා වගේ වෙනස් වෙන්න ඒනා. අපි අලුත් පක්ෂයක් වෙන්න ඕනා. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කරන්න ඕනා. අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න ඕනා…’

මේ, ජේ.ආර්. කිව්ව කතාවය. ජේ.ආර්.ට සාම්ප්‍රදායික යූ.ඇන්.පී.ය වෙනස් කරන එක ලෙහෙසි නොවීය. ඒත් ඔහුට හැකි පමණට පක්ෂය වෙනස් කළේය. උන්ගේ නෑදෑයන්ගේ ධනපති පක්ෂය කී යූ.ඇන්.පී.ය පොඩි මිනිහාගේ පක්ෂයක් බවට පත් කළේය. පක්ෂය ටයිකෝට් සංස්කෘතියෙන් රෙද්ද බැනියමට බැස්සුවේය. ජේ.ආර්.ට කරන්න අමාරු වුණු දේ මිනිස්සු සමගි ජන බලවේගයට කරලා දුන්නේය. මිනිස්සු යූ.ඇන්.පී. පාක්ෂිකයෝ වෙනස් වෙන්නේ නැති රනිල්ගේ යූ.ඇන්.පී.ය බිමට සමතලා කරලා ඒ බිමෙහි සමගි ජන බලවේගය හදලා දුන්හ. අද ලංකාවේ තියෙන අලුත්ම ළාබාලතම පක්ෂය සමගි ජන බලවේගයය.

‘ඉතින් යූ.ඇන්.පී. පාක්ෂිකයෝ මිනිස්සු එකතු වෙලා හදලා දුන්න අලුත් පක්ෂය අලුත් ගමනක් යන්නේ නැතිව මිනිස්සු වළ දමපු යූ.ඇන්.පී.යට පණ දෙන්න හදන්නේ ඇයි…?’

සජබය, යූ.ඇන්.පී.යත් එක්ක එකතු වෙන්න ඕනෑ යැයි කියන අය එහෙම කියන්නේ 2024 ඡන්දෙ දිනන්න නොව සිරිකොතින් තමන්ගේ පුද්ගලික වැඩ කරගෙන සල්ලි ටිකක් හම්බ කරගන්නටය. රනිල් සහ සජිත් එකට එකතු වෙන්න ඕනෑ කියන විට අත්පුඩි ගහන දෙගොල්ලක් සිටී. ඒ, යූ.ඇන්.පී.ය සහ ජනතා විමුක්ති පෙරමුණය. මේකට වැඩියෙන්ම කැමැති ජනතා විමුක්ති පෙරමුණය. ඒ බව හොඳහැටි පැහැදිලි වන්නේ ජවිපෙ නායක අනුර කුමාර කියන මේ කතාව බලන විටදීය.

‘හරියටම කඳවුරු දෙක බෙදිලා ධ්‍රැවීකරණය වෙලා තියෙන්නේ. එක්කෝ ඔබ ජා.ජ.බ. නොවන උන් එක්ක නැතිනම් ජා.ජ.බ. එක්ක. අතරමැද වෙන මුකුත් නැහැ…’ -අනුර කුමාර දිසානායක

ඒ, අනුර කුමාරය. නලින්ද ජයතිස්ස කියන මේ කතාව අහන විට එය තවදුරටත් පැහැදිලිය.

‘ඉර හොඳට පැහිලා තියෙන්නේ. කඳවුරු දෙක හොඳට බෙදිලා තියෙන්නේ. ආයේ අතරමැද මොකක්වත් නැහැ. මේ පැත්තේ ඉන්නවා රට විනාශ කරමින් ඉන්න ද්‍රෝහී කඳවුර. පොදුජන පෙරමුණේ නායකයෝ, එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ තව ටික දවසක් ගිහිල්ලා රාජිත ඇතුළු සජබ නායකයෝ ඒ වගේම ඔය කුඩා කුඩා වාමාංශික කල්ලි ඔය ඔක්කොම එක කඳවුරේ පෙළගැහිලා ඉන්නේ. ඒ සතුරු කඳවුර හරි පැහැදිලියි. මේ පැත්තේ ඉන්නවා මහජනතාවගේ කඳවුර…’ -නලින්ද ජයතිස්ස

‘ඊළඟ එළැඹෙන ජාතික මැතිවරණයකදී ඕක එකම කඳවුරක් බවට පත්වෙනවා. මේ මාතලේ සජබ මන්ත්‍රීතුමියක් ඉන්නවා. එතුමිය කියනවා රනිල්, සජිත් කියන්නේ මගේ ඇස් දෙක වගේ කියලා. ඩේලි මිරර් පුවත්පතට රාජිත සේනාරත්න කියනවා රනිල් එක්ක යම් එකඟතාවක් සඳහා සාකච්ඡා පවත්වනවා කියලා. තිස්ස අත්තනායක කියනවා රනිල් එක්ක කෙටි කාලයකට ආණ්ඩු හදන්න ලෑස්තියි කියලා. මේක හරි පැහැදිලියි. ඒගොල්ලන්ට සිද්ධවෙලා තියෙනවා මහ ගංවතුරේ නයි මුගටින්ට එක කොටේකට නගිනවා වගේ එක කොටේකට නගින්න. ඒකෙන් අද පැහැදිලියි කේන්ද්‍ර දෙකයි තියෙන්නේ…’ -අනුර කුමාර දිසානායක

මේ, ජේ.වී.පී. දකින හීනය රනිල් සහ අනුර අතර කේන්ද්‍ර දෙක හදන හීනය ඉස්සෙල්ලාම රටට කිව්වේ රනිල්ගේ ගෝලයන්ය. රනිල් ජනාධිපති වෙච්ච හැටියේ ඔවුන් කිව්වේ ඊළඟ ජනාධිපතිවරණය රනිල් සහ අනුර අතර සටනක් කියාය. ඔවුන් ඒ හීනය ඇන්දේ සජිත් සහ සජබය අවුට් කර දමන්නය. ඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර දින්නත් කමක් නෑ සජිත්ට එන්න දෙන්නේ නෑ කියන මතය ජනගත කරන්නටය. ඔවුන්ට ඕනෑ ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය වුණත් රනිල්ව පක්ෂ නායකයා කරගෙන විපක්ෂ නායක කරගෙන තමන්ට අහිමි වූ මන්ත්‍රීකම් ජන බලය යළි අත්පත් කරගන්නටය. ජවිපෙ මේ හීනය සියතට ගත්තේ රනිල්ට එරෙහිව අනුර සටන මැදට සජිත් පැන්නොත් දිනන එක අමාරු බව දැනගෙනය. දැන් ජවිපෙ ඇඟිලි ගැන ගැන ඉන්නේ රනිල් සමග සමගි ජන බලවේගය එකතු වන තෙක්ය. රනිල් සජබය සමග එක්වුණත් රනිල් පරාජය කිරීම කජු කනවා වගේ වැඩක් බව ජවිපෙ දනී. 2005 ජනාධිපතිවරණයේදී රනිල්ව පරාජය කළේ ශ්‍රීලනිපය හෝ මහින්ද හෝ නොව, ජවිපෙය. 2004 මහ මැතිවරණයේදීත් රනිල්ව පරාජය කළේ ජවිපෙය. හැබැයි සජිත් රනිල් නොවන බව ජවිපෙ දනී. සජිත්ට ජවිපෙ ජන පදනමේ අක්මුල් තිබේ. ඒ, ඔහුගේ තාත්තා නිසාය. නගරයේ පොඩි මිනිහා මෙන්ම ගමේ කුලහීන පුංචි මිනිහාද ප්‍රේමදාස නමට කැමැතිය. අනෙක් අතට සමගි ජන බලවේගයේ රනිල් නියෝජනය කරන ප්‍රභූ පන්තියට කතා කරන්න පුළුවන් ඔවුන් දිනාගන්න පුළුවන් ටයි කෝට් කණ්ඩායමක්ද සිටී. මේ නිසා සජිත් පරාජය කිරීම අමාරු බවත්, සජිත් අපේක්ෂකයා වූවොත් ඔහු දිනන්න පුළුවන් අශ්වයකු වන නිසා රනිල් විරෝධීන් ජවිපෙ අතහැර සජිත්ට ඔට්ටු අල්ලයි කියාද ජවිපෙ බයය. ඒ නිසා ජවිපෙ බලන්නේ සජිත්වයි සමගි ජන බලවේගයයි කුඩුපට්ටම් කර දමන්නටය. එතැනදී ජවිපෙ වැරැදි නැත. ජවිපෙ ගණන් හැදිල්ල හරිය. මේ දවස්වල ජවිපෙ නින්දට යන්නේ රනිල් සහ සජිත් එකතු වේවා කියන හීනය පෙනියන් කියාය.

‘අයියෝ අපිට තියෙන්නේ 30%යි. ඒක 50% කරගන්න යූ.ඇන්.පී.යත් එක්ක එකතු වෙන්න ඕනෙ….’

මේ, සිරිකොතින් පුද්ගලික වැඩ කරගෙන ඔවුන් දෙන තියරිය සමගි ජන බලවේගයට විකුණන අය කියන කතාවය.

ඕනෑම පක්ෂයක් පරාජය වෙද්දී ගත්තේ 30%කි. 1977 අන්ත පරාජයක් ලබපු ශ්‍රීලනිපය ගත්තේ 29%කි. 2010 අන්ත පරාජයක් ලබපු යූ.ඇන්.පී.ය ගත්තේ 29.34%කි. එහෙම බලන විට ලංකාවේ ප්‍රධාන පක්ෂ පරාජය වන විට ගත්තේ 29%කි. ඒ 29% ලබාගත්තේ පාවෙන ඡන්ද ජයග්‍රාහී පක්ෂයට ඇදෙන නිසාය. යළි පරාජය වූ පක්ෂය දිනන ලකුණු පෙන්නන විට ඒ පක්ෂය 29% ඡන්ද පදනම 50%ක් කරගනී. ඒ සඳහා ඒ පක්ෂ විවිධ පක්ෂ එකතු කරගෙන අලුත් සන්ධාන හදාගනී. සමගි ජන බලවේගයට 2020 මහ ඡන්දයේ ගත්ත ඡන්ද ප්‍රතිශතය 50%ක් කරගැනීම දුෂ්කර නැත. ඒකට 2020 මහ ඡන්දයේදී ජනතාව එපා කී යූ.ඇන්.පී.ය සමග එකතු වීම නොව කළ යුත්තේ අලුත් පක්ෂ අලුත් කණ්ඩායම් සමග සන්ධානගත වීමය.

අනෙක මෙවර ජනාධිපතිවරණයට තරග කරනවා කියන අපේක්ෂකයන් තිදෙනාම පසුගිය ජනාධිපතිවරණවලදී පරාජය වූ අපේක්ෂකයන්ය. රනිල් ජනාධිපතිවරණ දෙකකදී සහ එක පිට එක ඡන්ද ගණනාවකදී පරාජය වූ අපේක්ෂකයෙකි. අනුර පසුගිය ජනාධිපතිවරණයට තරග කර 3.16%ක් ගෙන පරාජය වූ අයෙකි. සජිත්ද 2019 ජනාධිපතිවරණය තරග කොට පරාජය වූ අයෙකි. 2019 දී 3.16%ක් අරගෙන පරාජය වූ අනුරට අද දිනන අශ්වයකු වීමට පුළුවන් නම් 2019දී 41.99%ක් අරගෙන පරාජය වූ සජිත්ට යළි දිනන අශ්වයා වීමට බැරි යැයි කීම විහිළු තර්කයකි.

2018 පුංචි ඡන්දයේදී ජනතාව ශ්‍රීලනිපය ඉවර කළහ. 2020දී යූ.ඇන්.පී.ය ඉවර කළහ. 2022 අරගලයේදී පොදුජන පෙරමුණ ඉවර කළහ. අද මේ රටේ තියෙන්නේ පක්ෂ දෙකකි. එකක් සමගි ජන බලවේගයය. අනෙක ජනතා විමුක්ති පෙරමුණය. 2024 සටන තියෙන්නේ මේ පක්ෂ දෙක අතරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පොලිස් ඇමැති-පොලිස් ප්‍රධානීන් ඉදිරියේ කුඩු උවදුර මැඩලීම ගැන විපක්ෂනායක සජිත් සැර කතාවක් කරයි! තාප්ප උඩින් බන්ධනාගාරයට කුඩු විසිකරන එක නවත්තගන්න බැරිව කොහොමද රටට කුඩු එන එක නවත්තන්නේ? ඉස්කෝලවලටත් දැන් මත්ද්‍රව්‍ය රිංගලා! මත් උවදුර මැඩලන යුද්ධය ජයගන්න පුලුවන් විදිහත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අවුරුදු 26ක් මෝචරියේ සේවය කරලා මෘත දේහයකින් නිකුත් වුණු විෂබීජයක් නිසා මියගිය රෝහල් සේවකයා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.