දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
බෞද්ධ ආගමික සිද්ධස්ථාන මෙන්ම අනෙකුත් ආගමික සිද්ධස්ථාන රැසක විදුලිය කප්පාදු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම මේ ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර ගෙන සිදු කරන විදුලි කප්පාදුව නතර කර ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ඉල්ලා සිටියේය.










