• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ලොකු කට්ටක් කාපු කෙනෙක් නෙමෙයි

March 8, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මම ලොකු කට්ටක් කාපු කෙනෙක් නෙමෙයි
Share on WhatsAppShare on Facebook

90 දශකයේ ඇසුණු සමුගෙන යන්න කලින්, මලක් වී ඔබ කිමද පිපුණේ, ගත බබළයි, දුරස් වන්නට ඇතුළු ජනප්‍රිය දහරාවේ ගීත අදටත් අමතක කළ නොහැකිය. ඒ සොඳුරු ගීත ඔබට තිළිණ කළ සුවිශේෂී ගී තරුවක් තමයි ඉන්ද්‍රජිත් දොලමුල්ල කියන්නෙ. ඉතින් ඔවුන්ගේ ඒ ස්වර්ණමය යුගයේ ගීත ගැන අලුත් රහසක් රටට කියන්න ප්‍රවීණ ගායක ඉන්ද්‍රජිත් දොලමුල්ල අප සමඟ කතාබහ කළා.

ඔබ අලුත් වැඩකට සූදානම් වෙන බව දැනගන්න ලැබුණා?
ඔව්. 90 සුන්දර වින්දන ගී නමින් ප්‍රසංගයක් මාර්තු මස 14 වැනි දින මහරගම මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අපි කටයුතු සූදානම් කරගෙන යනවා. සීරියස් සංගීත කණ්ඩායම තමයි පසුබිම් සංගීතය සපයන්නේ. 90 දශකයේ බිහිවුණු ජනප්‍රියම ගායක ගායිකාවන් 25 දෙනකු මෙයට සම්බන්ධ වෙනවා. අතුල ශ්‍රී ගමගේ, කුමාරසිරි පතිරණ සහ මම තමයි මේ ප්‍රසංගය පැවැත්වීමට මූලික වුණේ.
90 දශකයේ ගී තරු පොකුරක් එකම වේදිකාවට ගෙන ඒමට අදහස් කළේ ඇයි?
පළමු වතාවට තමයි අපි මෙවැනි ප්‍රසංගයක් කිරීමට කටයුතු කරන්නේ. මෙයට කලිනුත් මේ ප්‍රසංගය කරන්න අදහසක් තිබුණා.
ඒත් කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රසංගය පැවැත්වීමට ප්‍රධානම හේතුව අලුත් පරම්පරාව 90 දශකයේ ගීත හඳුනන්නේ නැහැ. එහෙමත් නැතිනම් මේ ගීත ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නැහැ. දැන් මාධ්‍යවලින්වත් ඔවුන්ට අතහිත දීමකුත් නැහැ. අනෙක් එක ලස්සන ගීත මැකී යන්නට දෙන්නත් බැහැනේ. ඒ නිසා තමයි අපි කතා කරලා මේ තීරණයට ආවේ.
දිගින් දිගටම මේ ප්‍රසංගය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවාද?
අනිවාර්යයෙන්ම මේ ප්‍රසංගයට තිබෙන ප්‍රතිචාරත් එක්ක අපි හිතාගෙන ඉන්නේ ඉදිරියටත් රටපුරා සහ විදේශීය රටවලටත් මෙය රැගෙන යන්න.
මේ ප්‍රසංගයෙන් ලැබෙන ප්‍රතිලාභවලින් ඉදිරියට මොනවගේ දෙයක්ද කරන්න අදහස?
එහෙම මුදල් උපයන අදහසින් අපි මේ ප්‍රසංගය කරනවා නෙවේ. නමුත් මේ ප්‍රසංගයට ගීත ගායනා කරන ප්‍රවීණ ශිල්පීන්ට අපි ගෙවීමක් කළ යුතුයි. ඔවුන්ගේ වටිනාකම මිල කරන්න බැහැ අපට. ඒ වගේම ගායක ගායිකාවන්ට ලෙඩක්, දුකක් හැදුණාම ඔවුන් වෙනුවෙන් අපිටත් මැදිහත් වෙලා යමක්කමක් කරන්න පුළුවන් වෙයි.
කාලෙකින් ඔබගේ අලුත් සින්දුවක් අහන්නට ලැබුණේ නැහැ?
අලුත් සින්දු ගොඩාක් තිබෙනවා. ඒ කිසිම දෙයකට මාධ්‍යවලින් කිසිම සහායක් නැහැ. මාධ්‍යවලින් කරන්නේ පරණ සින්දුම ප්‍රචාරය කරන එක තමයි. ඉතින් ඒ නිසා මම ‘යූ-ටියුබ්’ හරහා තමයි එකිනෙක සින්දු එළියට දමන්නේ.
90 දශකයේ ඔබේ ගීතවලට ලොකු ඉල්ලුමක් තිබුණා නේද?
මගේ විතරක් නෙවේ මේ ප්‍රසංගයේ ගීත ගායනා කරන සියලුම ශිල්පීන්ගේ ගීතවලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ ගීත ඇතුළත් කැසට්පටවලටත් ලොකු ඉල්ලුමක් තිබුණා. අදටත් ඒ තිබුණු ජනප්‍රියතාව ප්‍රසංගවල නැතුවා නොවේ. ඔවුන් ඉල්ලන්නේ ඒ 90 දශකයේ ගායනා කරපු පරණ සින්දු තමයි.
ඔබට මේ ගමන එන්න අභියෝග තිබුණද?
මම එහෙම ලොකු කට්ටක් කාපු කෙනෙක් නෙවේ. මට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම සරලව චාම් ජීවිතයක් ගතකළා. හැබැයි පොඩි කාලේ ඉඳලා මගේ ලොකු ආශාවක් තිබුණා ගායකයකු වන්නට. ඒ අරමුණ එක්ක තමයි මම ජීවත් වුණේ.
අද මේ වර්තමානය දෙස බලන විට නව පරපුර ගැන මොකද හිතෙන්නේ?
සතුටට වගේම තවත් පැත්තකින් දුකකුත් තියෙනවා. ඔවුන් නිර්මාණ කළත් ඒවා ටික කාලයයි තියෙන්නේ. දක්‍ෂ දරු පිරිසක් දැන් බිහිවෙලා ඉන්නවා. ඒත් ඔවුන් යායුතු ක්‍රමවේදය හදාගෙන නැහැ. මම කියන්නේ කාටවත් ඊර්ෂ්‍යා නොකර මේ ගමන යන්න කියලයි.
ඔබගේ දරුවන් ඔබෙන් පසු මේ ගීත ඉදිරියට රැගෙන යන්න සූදානම්ද?
ඇත්තටම එය ගැන කනගාටුයි. මගේ දුවලා දෙන්නා සංගීතයට ප්‍රිය කළත් මගේ ගීත ඉදිරියට ගෙනියන්න ඔවුන්ගේ තවම අදහසක් නැහැ. සමහරවිට මගෙන් පසු මේ ගීත ඉදිරියට රැගෙන යන්න කවුරුත් නැති වේවි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මුතු අම්ම කෙනෙක් වෙලා

Next Post

සමහර මාධ්‍ය ගැන මට විශ්වාසයක් නෑ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.