• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විප්ලවයක් කළ මහාචාර්ය හාමුදුරුවෝ I Sri Lanka Latest News

August 24, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වල්පොල රාහුල හාමුදුරුවෝ වර්තමාන භික්ෂු පරම්පරාවට අපූරු ආදර්ශ ගතහැකි චරිතයක්. කිසි දිනක විහාර පන්සල් ගොඩනැගීමට උනන්දු නොවූ උන්වහන්සේ කවදාවත් නායක පදවියක්වත් දරා නැහැ. ඉතා සරල ජීවිතයක් තමයි ගෙව්වේ. නියම බුදුදහම ලෝකයට කියාදෙන්න උන්වහන්සේ දැරූ උත්සාහය අදටත් ඇගැයීමට ලක්වෙනවා.(Sri Lanka Latest News)

ශිෂ්‍ය අවධිය ගැන මතක

මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ දකුණු පළාතේ ගාල්ල ඉමදූව ආසන්නයේ වල්පොල නම් වූ ගමෙහි, දස දෙනකුගෙන් යුත් පවුලක ළාබාලතම සාමාජිකයා වශයෙන් 1907 මැයි 09 වැනිදා උපත ලැබුවා. පියා වුණේ හෙට්ටිගොඩ ගමගේ දොන් කරෝලිස් ද සිල්වායි. මවගේ නම හත්තොටුව තමගේ සිළිඳුහාමි නම් වුණා. මුලින්ම ගමේ පාසලට ගිය උන්වහන්සේ වයස අවුරුදු 13දී ගෞතමාරාමය නම් ගමේ පන්සලේදී පැවිදි දිවියට එළැඹෙනවා. පැවිදි නම වුණේ වල්පොල ධම්මදස්සී. මේ නම වර්ෂ අටකට පමණ පසු වල්පොල රාහුල ලෙස වෙනස් කරගන්නවා. උන්වහන්සේ පවසා ඇත්තේ සිදුහත් කුමරුගේ පුත් රාහුල හිමියන්ගේ නමට ඇති කැමැත්ත නිසා ඒ නම ලබාගත් බවයි.

පොල්කටු නිකාය

මහණ වී ටික කලකින්ම මේ සාමණේර හිමියන් පරගොඩ සුමනසාර ස්ථවිරපාදයන්වහන්සේ වෙත වැඩිදුර අධ්‍යාපනය සඳහා භාරදී තිබෙනවා. පරගොඩ හාමුදුරුවෝ කියන්නේ ආරාමික ජීවිතය අත්‍යන්තයෙන්ම අනුගමනය කිරීමට කැපවූ පඬිවරයෙක්. ඒ හිමියන්ගේ ගුරුහරුකම් ලැබීම නිසා රාහුල හිමියන්ගේ ජීවිතයේ පළමු තීරණාත්මක අවධිය එළඹුණා.

උන්වහන්සේ සහ රාහුල හිමියන් ඇතුළු ශිෂ්‍යයෝ පහසුකම් සහිත ආරාමික ජීවිතය අතහැර ආරණ්‍යයක ජීවිතයක් ඇරඹුවා. නූතන පහසුකම් අත්හැරීමත්, අවම අවශ්‍යතා සහිත සරල දිවිපැවැත්මත් මේ ජීවිතයේ මූලික ලක්ෂණය වුණා. රැඩිකල් සිතක් තිබූ රාහුල හිමියන් ද අලුත් භික්ෂු ජීවිතය කැමැත්තෙන් අනුගමනය කළා. පිණ්ඩපාතයෙන් යැපෙමින්, පරණ සිවුරු දරමින්, පොල්කටු කෝප්ප භාවිත කරමින්, මුදල් භාවිත නොකරමින් අල්පේච්ඡ ජීවිතයක් ගතකළා. සමහර හාමුදුරුවරුන් පවා මේ කණ්ඩායම ‘පොල්කටු නිකාය’ ලෙස අවඥාවෙන් හැඳින්වීමට පටන් ගත්තා. තම පැරැණි මතකය අවදි කරමින් උන්වහන්සේ මෙසේ පවසා තිබෙනවා.

‘මුල් ඉස්කෝලෙන් අස්වෙලා ගියාට පස්සේ පිරිවෙනකවත්, ඉස්කෝලෙකවත් කවදාකවත් මම ඉගෙනගෙන නෑ. සේරම ඉගෙනීම කළේ තනිවමයි. පරගොඩ පන්සලේදී අපට හමුවුණා පරගොඩ සුමනසාර හාමුදුරුවෝ. හාමුදුරුවෝ බොහෝම උගත් කෙනෙක්. පාලි, සංස්කෘත, සිංහල පමණක් නෙමෙයි, ධර්මය අතිනුත්. පරගොඩ පන්සලට උඩහ තිබුණා කැලයක්. ඔය කැලේ අපි නතරවෙලා, සුමනසාර හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් කුටි හදාගෙන පිණ්ඩපාතෙන් තමයි ජීවත් වුණේ.

ඔය කාලෙදී මම ධුතාංග දෙකක් ආරක්ෂා කළා. පිණ්ඩපාතිකාංගය, ඒ කියන්නේ පිණ්ඩපාතය ගොහිල්ලම ලැබෙන දේකින් ජීවත්වෙන්න ඕනෑ. පත්තපිනිකාංගය කියන්නේ පාත්තරේට මොනවා බෙදුවත් ඒවා අරගෙන වළඳන්න ඕනෑ, මනුස්සයෝ කන දෙයක් නම්. වැඩිය හොඳයි, වැඩිය රසයි කියලා තෝරන්න බෑ. ධුතාංග රැකීම ආත්ම දමනයට උදව් වෙනවා…’

ස්වයං ඉගෙනුම

වසර කිහිපයක ආරණ්‍ය ජීවිතයෙන් පසු රාහුල හිමියන්ට තවදුරටත් අධ්‍යාපනය ලැබීමේ සිතක් පහළ වුණා. ඒ අනුව රාහුල හිමියෝ කොළඹට වැඩම කළා. ඒ අතර ලිපි ලේඛනවලින් විවාදාත්මක කරුණු මතු කළා. සමහර භික්ෂුන්වහන්සේ ඒ අදහස්වලට කැමැති වුණේ නැහැ. තම සොහොයුරු වික්ටර් හෑගොඩගේ උපකාර මත උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමේ අරමුණ ඇතිව උන්වහන්සේ ඉන්දියාවට වැඩම කළා. නමුත් සෞඛ්‍ය හේතු ඇතුළු විවිධ හේතු නිසා ඉන්දියාවේ අධ්‍යාපනය සාර්ථක වුණේ නැහැ.

වයස අවුරුදු 20 දී කොළඹ ධර්මදූත සභාවට එක්වී පරාර්ථ චර්යාවක් ලෙස ධර්මය දේශනා කරමින්, පීඩිත ජනයා නගාසිටුවීමට ක්‍රියාකළ රාහුල හාමුදුරුවෝ මේ කාලයේදී සමාජයේ පීඩාවට පත් රොඩී ආදී කුලවල ජනයා අතර දින ගණන් ගතකරමින්, ධර්ම දේශනා පැවැත්වීම ද සිරිතක් කරගත්තා.

රාහුල හිමියන් තම හිතමිතුරන්ගේ මාර්ගෝපදේශකත්වය මත පොතපත කියවමින් ස්වයං අධ්‍යයනයේ යෙදීමද සිදුකළා. ගණිතය හා විද්‍යාව ඉගෙනීමට රාහුල හිමියන්ට අතදී ඇත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආචාර්යවරයකු වූ එස්. තංගරාජායි. ඉංග‍්‍රීසි ඉගෙනීමට දායක වී තිබෙන්නේ නාලන්දා විද්‍යාලයේ නේවාසිකාගාර පාලකයෙකු වූ ඩී.එස්. ගුණසේකරයි.

සරසවි ගිය පළමු භික්ෂුව

මේ ස්වයං ඉගෙනීමෙන් පසු සිලෝන් යුනිවර්සිටි කොලේජ් උන්වහන්සේ (ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලය) ආයතනයට ඇතුළත්වීමට සුදුසුකම් ලබනවා. රාහුල හිමියන් විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව අධ්‍යාපනය ලද පළමු ලාංකේය භික්ෂුන්වහන්සේයි. මේ නිසා හාමුදුරුවන්ට විරුද්ධව පිරිසක් නැගීසිටිනවා. නමුත් විශ්වවිද්‍යාල කොලිජියේ ආචාර්යවරයා සහ උපදේශකවරයා වූ මහාචාර්ය ජී.පී. මලලසේකර, රාහුල හිමියන්ට සහයෝගය ලබාදෙනවා.

1941 දී පන්ති සාමාර්ථයක්‌ ද සහිතව ගෞරව උපාධිය සම්පූර්ණ කිරීමට රාහුල හිමියන්ට අවස්ථාව ලැබෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස සිටින කාලයේදීත් ශිෂ්‍ය සංගම්වල කටයුතු කළ උන්වහන්සේ පීඩිත ජනයා වෙනුවෙන් සේවය කිරීමත් නතර කරන්නේ නැහැ. උන්වහන්සේ 1936දී මැලේරියා වසංගතයෙන් පීඩාවට පත්වූ ජනයා වෙනුවෙන් කරන ලද සේවය විශේෂිතයි. මේ අවධියේදී රාහුල හිමියෝ සමාජවාදී දේශපාලන නායකයන් වන එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ ආදීන්ගේ ඇසුරත් ලබනවා.

‘තංගරාජා මහත්තයා තමයි මට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට උදව් කළේ. කන්න බොන්න දීලා, නවාතැන් දීලා මාව බලාගත්තේ. ඒ දවස්වල කොළඹ යුනිවර්සිටියට යනකොට ගාස්තුවක් ගෙවන්න ඕනෑ. මට හොරා උන්නැහේ ඒක ගෙවනවා….’ රාහුල හිමියෝ පවසා තිබෙනවා.

විප්ලවවාදී තරුණ භික්ෂුව

රාහුල තෙරුන්ගේ ශිෂ්‍ය අවධියේ එක් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ බෞද්ධ භික්ෂුන්ගේ හා බෞද්ධ සාමාන්‍ය ගිහි ජනයාගේ බෞද්ධ පිළිවෙත් සම්බන්ධ කරුණු පිළිබඳ ‘සත්‍යොදය’ නමින් ලියා නොමිලේ බෙදාහරින ලද පත‍්‍රිකායි. මේ පත‍්‍රිකා 1933 දෙසැම්බර් සිට 1934 සැප්තැම්බර් මස දක්වා කාලය තුළ ලියා තිබෙනවා. බුද්ධාගමෙහි ඉතා සංවේදී කරුණු පිළිබඳ මේ පත‍්‍රිකාවන්හි පළකරන ලද අදහස් සමහරු දැඩි විවේචනයට ලක් කළා.

සමහර ජනප‍්‍රිය බෞද්ධ පිළිවෙත් බුදුරදුන්ගේ මූලික දර්ශනය හා කෙතරම් දුරට නොගැළපෙන්නේදැයි රාහුල හිමි පෙන්වා දුන්නා. රාහුල තෙරුන්ගේ ප‍්‍රහාරයට ලක් වූ පිළිවෙත් අතර බුද්ධ පූජා ලෙස ආහාර පිරිනැමීම, සංඝයා අතර ඇති කුල භේදය, ධර්ම දේශකවරුන්ට ඔවුන් විසින් කරන ලද සේවයට ගෙවීමක් හා සමානව කරනු ලබන පූජා ආදිය කිහිපයක් පමණයි. මේ කතා කෘතියක් ලෙස 1992 දී පළ වෙනවා.

ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර තබන්නේ තමන් පින් ගන්නා ආසාවෙනි. එය තෘෂ්ණාවයි. ප්‍රතිමාවකට ආහාර පූජා කිරීමේ දී කරුණා, මෛත්‍රී ආදී ගුණයන් උපදවන්නට ඉඩක් නැති බැවිනි. එහෙත් අසරණයකුට සංග්‍රහ කිරීමේදී නියම අන්දමින් කරුණා මෛත්‍රී ගුණයෝ සිත්හි පහළ වෙති.
(සත්‍යොදය කතා)

අලුත් සම්ප්‍රදායකට පාර කැපූ විද්‍යාලංකාර පිරිවෙන

උන්වහන්සේ 1940 දශකයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක්වෙනවා. එය රාහුල හාමුදුරුවන්ගේ ජීවිතයේ මෙන්ම, රටේ ඉතිහාසයේද වැදගත් සිදුවීමක් ලෙස සැලකිය හැකියි. එහි අධ්‍යාපනයට මෙන්ම පිරිවෙන නගාසිටුවීමටත් විශාල සේවයක් රාහුල හිමියන්ගෙන් ඉටුවෙනවා.

භික්ෂුවගේ උරුමය

රාහුල හිමි ලියූ ‘භික්ෂුවගේ උරුමය’ නම් පොත එකල බෞද්ධ සමාජය කැලඹිල්ලට ලක්කළ කෘතියක් වුණා. 1946 දී මුල්වරට එය ප‍්‍රකාශනයට පත් කළා. එහි පළමු මුද්‍රණයේ පිටපත් පළවී සති තුනක් ඇතුළත විකිණී හමාර වූ බව පැවසෙනවා. භික්ෂුවගේ උරුමයෙහි මූලික තර්කය වූයේ ශ‍්‍රී ලංකා බෞද්ධ භික්ෂුවට දේශපාලන කාර්යයන්හි නියැළීම යුක්ති යුක්ත බවයි. මෙම පොත The Heritage of the Bhikkhu නමින් 1974 දී ඇමෙරිකාවේදී පළ කෙරෙනවා.

ආචාර්ය උපාධිය

රාහුල හාමුදුරුවෝ විද්‍යාලංකාර පිරිවෙනෙහි ඉගැන්වීම කරන අතරතුර, මහාචාර්ය ජී.පී. මලලසේකර මහතාගේ උපදේශකත්වය මත History of Buddhism in Ceylon (ශ‍්‍රී ලංකාවේ බුදු දහමේ ඉතිහාසය) නම් මාතෘකාව යටතේ ආචාර්ය උපාධි පර්යේෂණ කාර්යය ආරම්භ කළා. 1950දී උන්වහන්සේ පර්යේෂණ නිබන්ධය සඳහා ආචාර්ය උපාධිය ලබාගත්තා. ප‍්‍රංශ ආයතනයේ (The College of France) මහාචාර්ය පෝල් දෙමීවිල්ගේ මඟපෙන්වීම මත 1950 දී උන්වහන්සේට ප‍්‍රංශ රජයේ පශ්චාත් උපාධි පර්යේෂණ අධි ශිෂ්‍යත්වයක් හිමිවෙන්නේ මේ අතරතුරයි.

1959 දී What Buddha Taught (බුදුන් වදාළ ධර්මය) ග‍්‍රන්ථය පළ කරන්නේ උන්වහන්සේ විදේශගතව සිටින ගමන් විදේශිකයන්ට බුදුදහම සරලව කියාදීමටයි. එම කෘතිය පසුව සිරිපාල ලීලාරත්න සිංහලට පරිවර්තනය කළ අතර, ප්‍රංශ, ජර්මන්, චීන, කොරියන්, යුගෝස්ලාවියන්, වියට්නාම්, ස්පාඤ්ඤ ඇතුළු භාෂා 17කට පරිවර්තනය වී තිබෙනවා.

ඇමෙරිකාවෙන් මහාචාර්ය තනතුරක්

බෞද්ධ උගතකු ලෙස රාහුල හිමියන්ට තිබූ කීර්තිය නිසා ඇමෙරිකාවේ නෝර්ත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලය ආගමික ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ධුරයට උන්වහන්සේට 1964 දී ආරාධනා කරනු ලැබුවා. එම තනතුර භාරගත් උන්වහන්සේ එතැන් සිට එම විශ්වවිද්‍යාලයේ සේවය කරමින් ඇමෙරිකාව පුරාම විශ්වවිද්‍යාල තුළ එතෙක්‌ පැවැති අසංවිධානාත්මක බෞද්ධ හැදෑරීම් විධිමත් තත්ත්වයකට පත්කිරීමට ද කටයුතු කළා.

මේ අතර 1966 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය උන්වහන්සේට පිරිනැමෙනවා. එහෙත් තෙවසරකට පසු 1969 දී උන්වහන්සේ එවක අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල සමග ඇතිවූ මත ගැටුමක් නිසා එම තනතුරින් ඉල්ලා අස්වී යළිත් විදෙස්ගත වෙනවා.

රාහුල හිමියෝ එංගලන්තයේ, ප්‍රංශයේ සහ ඇමෙරිකාවේ දිගු කලක් වාසය කිරීමෙන් පසු එක්‌දහස්‌ නවසිය අසූවේ මුල් භාගයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. භික්ෂුන්වහන්සේලාගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කරන්නේ ඒ කාලයේදීයි. ඊට අමතරව බෞද්ධ අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා කෝට්‌ටේ දියවන්නා ඔය අසල බෞද්ධ අධ්‍යයන හා පර්යේෂණ ආයතනය (දැන් හඳුන්වන පරිදි වල්පොල ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනය) පිහිටුවනවා.

සාකච්ඡාවකට එක්වෙමින්

උන්වහන්සේ 1997 සැප්තැම්බර් 18 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අපවත් වුණා. ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 90ක්. උන්වහන්සේගේ අවසන් කැමැති පත්‍රයට අනුව පැය විසිහතරකට අඩු කාලයකදී ආගමික වතාවත් හැර වෙනත් කිසිදු ගිහි කතා හෝ උත්සව ආදියකින් තොරව බොරැල්ල ආදාහනාගාරයේදී උන්වහන්සේගේ ආදාහනය කරන්නට කටයුතු කර තිබුණා. ලෝකය පිළිගත් මේ විශිෂ්ට යතිවරයාණන් වහන්සේගේ සරල ජීවිතය අද සුපිරි පහසුකම් සොයමින් යන භික්ෂු පරම්පාරවට අපූරු ආදර්ශ සපයනවා.

ලංකාවේ ජනතාව ගැන වල්පොල රාහුල හිමියන් විසින් දක්වන ලද මේ අදහස වර්තමානයටත් අදාළ බව අපගේ හැඟීමයි.

‘සමාවෙන්න ඕනෑ මම මේ කියන එක ටිකක් තද නම්. මේ රටේ නිදහස් මිනිස්සු නැහැ. වහල්ලු ඉන්නේ…’

කුසුම්සිරි විජයවර්ධන

SendShareShare
Previous Post

වෑන් රථයක් ඇළකට පෙරළෙයි! Sri Lanka Latest News

Next Post

නුවර, මාවනැල්ල පැත්තෙ දේශපාලකයන්ට රෙදි ඇඳන් එන්න බැරි වෙන විදියට කවුරුවත් හදපු නැති පාර තමන්ම හදාගත්ත මිනිස්සු I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.