• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සති 2ක් ඇතුළත බිලියන 10ක් ගෙවන්න! නැත්නම් නඩු දානවා! අනුර සාගරටයි තිස්සකුට්ටිටයි එන්තරවාසි යවයි! Sri Lanka Latest News

August 22, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
සති 2ක් ඇතුළත බිලියන 10ක් ගෙවන්න! නැත්නම් නඩු දානවා! අනුර සාගරටයි තිස්සකුට්ටිටයි එන්තරවාසි යවයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය 19 වෙනිදා මැද කොළඹ දී පැවැත්වූ පොහොට්ටුවේ ජන හමුවක දී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන්ට අපහාසයක් වූ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පොහොට්ටුවේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් වෙතත්, පොහොට්ටු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් එන්තරාවසියක් යවා තිබෙනවා. ඒ එදින මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධවයි.Sri Lanka Latest News

සිදුකර ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක් ඉල්ලා මෙම එන්තරාවාසිය අනුර දිසානායක මහතා වෙනුවෙන් නීතීඥ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා වෙත යවා ඇත්තේ නීතීඥ සුනිල් වටගල විසින්.

මේ එම එන්තරාවාසිය යි;

“එන්තරවාසිය

2023.08.22

සාගර කාරියවසම්

පාර්ලිමේන්තු මන්ත්‍රී (මහලේකම්) පොදුජන පෙරමුණ

අංක 1316, නෙලුම් මාවත,

ජයන්තිපුර, බත්තරමුල්ල.

මහත්මයාණෙනි,

වර්ෂ 2023.08.19 වන දින මැද කොළඹ ප්‍රදේශයේ ජනතා හමුවක දී කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

මාගේ සේවාදායකයා අංක 464/20, පන්නිපිටිය පාර, පැලවත්ත ස්ථානයේ පදිංචි අනුර කුමාර දිසානායක යන අයගේ උපදෙස් මත ඔබවෙත දන්වා සිටින වග නම්,

මගේ සේවාදායකයා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායකයා බවත් සහ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බවත් ය.

මාගේ සේවාදායකයාගේ උපදෙස් මත මා කියා සිටින්නේ 2023.08.19 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ, මැද කොළඹ ප්‍රදේශයේ පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය මගින් සංවිධානය කරන ලද ජන හමුවකදී පහත ප්‍රකාශය ඔබ විසින් සිදු කර ඇති බවයි.

“බිලියන ගණන් සල්ලි ඇදලා මූල්‍යමය වංචාවක් කරලා තියෙනවා කියන මේ චෝදනාව නගන්නෙ අපි නෙවෙයි. ඔවුන් සමඟම එකට හිටපු පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහත්තයා. දැන් කියනවා මේ චෝදනා ගෙනාවට මේවා ඔප්පු කරල පෙන්නන්න මං හිතන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය පඩිසන් දීල තියෙනවා”

මට ලැබී ඇති උපදෙස් පරිදි ඔබ විසින් එකී ජන හමුවේ දී මගේ සේවාදායකයා සම්බන්ධයෙන් සඳහන් කරනු ලැබූ සියල්ල විද්‍යුත් මාධ්‍ය, ප්‍රවෘත්ති පත්‍ර සහ වෙබ් මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා ප්‍රචාරය වී ඇත.

වැඩිදුරටත් මා ප්‍රකාශ කර සිටින්නේ ඔබ විසින් එසේ ජන හමුවක් පවත්වමින් මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ඉහත සදහන් සියලු කාරණා අසත්‍ය සහ ද්වේශසහගතව ප්‍රකාශ කිරීමට කටයුතු කර ඇති බවට මට උපදෙස් ලැබී ඇති බවත්ය.

මට ලැබී ඇති උපදෙස් පරිදි මා ප්‍රකාශ කර සිටින්නේ මගේ සේවාදායකයා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ නායකයා බවත් සහ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රටෙහි වගකිව යුතු නිලයක කටයුතු කරන බවත් ඔබ විසින් සිදු කර ඇති පදනම් විරහිත අසත්‍ය සහ ද්වේශසහගත චෝදනා මගින් ඔහුට බරපතල අපහාසයක් සිදුව ඇති බවත් ඔහුගේ කිර්තිනාමයට මහත් වූ හානියක් සිදු වී ඇති බවත්ය. එසේම ඔහු කෙරෙහි ඇති මහජන විශ්වාසය, ගරුත්වය සහ පිලිගැනීම විනාශ කිරීමේ චේතනාවෙන් එම ප්‍රකාශය සිදු කර ඇති බවට මා වෙත වැඩිදුරටත් උපදෙස් ලැබී ඇති බවයි.

ඒ අනුව මා වෙත උපදෙස් ලැබී ඇත්තේ ඔබ විසින් මගේ සේවාදායකයා සම්බන්ධයෙන් 2023.08.19 වන දින ජන හමුවක් පවත්වමින් සිදු කරනු ලැබූ ද්වේශ සහ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුලත මාගේ සේවාදායකහට අත්විදීමට සිදු වනු ලැබූ අපකීර්තිය, ලැජ්ජාව හා අපහාස වෙනුවෙන් අලාභ ලෙස රුපියල් බිලියන දහයක මුදලක් මගේ සේවාදායකහට ගෙවන ලෙසත් එකී මුදල් ඔබ විසින් මෙම ලිපිය ලැබී දින 14ක් ඇතුලත ගෙවීමට අපොහසත් වුවහොත් ඉහත සදහන් මුදල අය කරගැනීම සදහා සිවිල් අධිකරණයක ඔබට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔබ වෙත මෙයින් දන්වා සිටීමට මා වෙත උපදෙස් ලැබී ඇති බවයි.

ස්තුතියි

මෙයට – විශ්වාසී

සේවාදායකගේ නීතීඥ”

සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන්ට අපහාසයක් වූ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි වෙත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් එන්තරාවසියක් යවා තිබෙනවා. තිස්ස කුට්ටිආරචි මන්ත්‍රීවරයා පසුගිය 19 වෙනිදා මැද කොළඹ දී පැවැත්වූ පොහොට්ටුවේ ජන හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධවයි මෙම එන්තරාවාසිය යවා ඇත්තේ.

රුපියල් බිලියන දහයක් ඉල්ලා මෙම එන්තරාවාසිය අනුර දිසානායක මහතා වෙනුවෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වෙත යවා ඇත්තේ නීතීඥ සුනිල් වටගල විසින්.

මේ එම එන්තරාවාසිය යි;

“එන්තරවාසිය

2023.08.22

තිස්ස කුට්ටිආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රි,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,

අංක 187, මහා වීදිය,

බණ්ඩාරවෙල.

මහත්මයාණෙනි,

වර්ෂ 2023.08.19 වන දින මැද කොළඹ ප්‍රදේශයේ ජනතා හමුවක දී කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

මාගේ සේවාදායකයා වන අංක 464/20, පන්නිපිටිය පාර, පැලවත්ත ස්ථානයේ පදිංචි අනුර කුමාර දිසානායක යන අයගේ උපදෙස් මත ඔබවෙත දන්වා සිටින වග නම්,

මගේ සේවාදායකයා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායකයා වන බවත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ලබන බවත් ය .

මාගේ සේවාදායකයාගේ උපදෙස් මත මා කියා සිටින්නේ 2023.08.19 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ, මැද කොළඹ ප්‍රදේශයේ පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය මගින් සංවිධානය කරන ලද ජන හමුවකදී පහත ප්‍රකාශය ඔබ විසින් සිදු කර ඇති බවයි.

“සජබෙ පක්ෂෙ හොදයි ඇයි? අපේ කට්ටිය සමහර වෙලාවට එහේ කට්ටිය මෙහෙ. මාත් හිටියේ එහේ. ඒ නිසා උනුත් එකයි අපිත් එකයි. ඒ නිසා ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් කියනවා මේක උදාහරණෙට අරගෙන අනුර කුමාර දිසානායක උනුත් එකයි මුනුත් එකයි ඒ නිසා බලය අපිට දෙන්න. රාජාංගනේ හාමුදුරුවන්ට හම්බුනේ කෝටි දහයයි. ලක් අම්මට හම්බුනේ ලක්ෂ අටයි නේ. ඩෑන් අර රැට්ට පරට්ටට ලක්ෂ 50ක් ගිණුමට ආවානම් මේකට දැවැන්ත නායකත්වයක් දුන්න අනුර කුමාරට කියක් එන්න ඇත්ද? විදේශ රටවල් ගණනාවකින් අනුර කුමාරගේ ගිණුමට ඩොලර් ආවා. ඒ ඩොලර් ඔක්කොම එකතු කරලා අන්න අනුර කුමාර දිසානායකගෙ හෙළුව පේනවා මෝල්ටාවේ බිලියන 5ක් ආයෝජනය කරලා. ඔන්න බඩු. අන්න අපට දැන් පැහැදිලියි අනුර කුමාරගේ වැඩපිළිවෙල. මොල්ටාවේ විජ්ජාව වැඩිකල් යන්න කලින් ඇත්ත හොයාගෙන අනුර මහත්තයෝ උඹට අපි දඩුවම් දෙනවා කියන කාරණාව නං ඉතා පැහැදිලිව මතක් කරනවා”

මට ලැබී ඇති උපදෙස් පරිදි ඔබ විසින් එකී ජන හමුවේ දී මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් සඳහන් කරනු ලැබූ සියල්ල විද්‍යුත් මාධ්‍ය, ප්‍රවෘත්ති පත්‍ර සහ වෙබ් මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා ප්‍රචාරය වී ඇත.

වැඩිදුරටත් මා ප්‍රකාශ කර සිටින්නේ ඔබ විසින් එසේ ජන හමුවක් පවත්වමින් මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ඉහත සදහන් සියලු කාරණා අසත්‍ය සහ ද්වේශසහගතව ප්‍රකාශ කිරීමට කටයුතු කර ඇති බවට මට උපදෙස් ලැබී ඇති බවත්ය.

මට ලැබී ඇති උපදෙස් පරිදි මා ප්‍රකාශ කර සිටින්නේ මගේ සේවාදායකයා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ නායකයා බවත් සහ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රටෙහි වගකිව යුතු නිලයක කටයුතු කරන බවත් ඔබ විසින් සිදු කර ඇති පදනම් විරහිත අසත්‍ය සහ ද්වේශසහගත චෝදනා මගින් ඔහුට බරපතල අපහාසයක් සිදුව ඇති බවත් ඔහුගේ කිර්තිනාමයට මහත් වූ හානියක් සිදු වී ඇති බවත්ය. එසේම ඔහු කෙරෙහි ඇති මහජන විශ්වාසය, ගරුත්වය සහ පිලිගැනීම විනාශ කිරීමේ චේතනාවෙන් එම ප්‍රකාශය සිදු කර ඇති බවට මා වෙත වැඩිදුරටත් උපදෙස් ලැබී ඇති බවයි.

ඒ අනුව මා වෙත උපදෙස් ලැබී ඇත්තේ ඔබ විසින් මගේ සේවාදායකයා සම්බන්ධයෙන් 2023.08.19 වන දින ජන හමුවක් පවත්වමින් සිදු කරනු ලැබූ ද්වේශ සහ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුලත මාගේ සේවදායකයාහට අත්විදීමට සිදු වනු ලැබූ අපකීර්තිය, ලැජ්ජාව හා අපහාස වෙනුවෙන් අලාභ ලෙස රුපියල් බිලියන දහයක මුදලක් මගේ සේවාදායකහට ගෙවන ලෙසත් එකී මුදල් ඔබ විසින් මෙම ලිපිය ලැබී දින 14ක් ඇතුලත ගෙවීමට අපොහසත් වුවහොත්, ඉහත සදහන් මුදල අය කරගැනීම සදහා සිවිල් අධිකරණයක ඔබට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බවට ඔබ වෙත මෙයින් දන්වා සිටීමට මා වෙත උපදෙස් ලැබී ඇති බවයි.

ස්තුතියි

මෙයට – විශ්වාසී

සේවාදායකගේ නීතීඥ”

SendShareShare
Previous Post

මොරගහකන්දත් සිඳීයයි! යටවීගිය ගම්මාන සහ මාර්ග යළි මතුවෙයි! Sri Lanka Latest News

Next Post

ලෙස්ටර්ගේ අවමඟුලේදී රණමයුර සම්මානය උස්සපු හොරා මහනුවර කුඹල් පෙරහැරේදී අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.