මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහල යාම හේතුවෙන් ජලාශය ඉදිකිරීම් සඳහා යටව ගිය ගමම්මාන නැවත මතුවෙමින් පවතී. (Sri Lanka Latest News)
මොරගහකන්ද ජලාශයේ ජලය පිරීම සමඟ ගම්මාන හතක් පමණ ජලයෙන් යටවී ලංකා සිතියමෙන් මැකී යන්නට විය.මේ දිනවල ගම්මාන සියල්ලම නැවත මතුවෙමින් පවතින අතර ඇලහැර හෙට්ටිපොළ පැරණි මාර්ගය මේ වන විට නැවත දැකගැනීමට හැකිවී තිබේ.
ජලයෙන් යටගිය කොන්ගහවෙල රෝහල, රාජ්‍ය ආයතන රැසක් මෙන්ම ප්‍රධාන මාර්ග බොහොමයක් නැවත ජනතාවට දැකබලා ගැනීමට හැකිවී තිබේ.
සිඳීගිය මොරගහකන්ද වැවේ වන අලින් රැසක් ද කුළු මීහරක් රැසක්ද මේ දිනවල දැකගැනීමට හැකි වීම විශේෂත්වයකි.
අඹන්ගඟ හරස්කොට මොරගහකන්ද ජලාශය ඉදිකෙරුණු අතර, මේ වන විට අතීතයේ ගලාගිය අඹන් ගග දර්ශනය
වේ.
lankadeepa










