පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික සංඛ්‍යාවක්, බෝම්බ කොටස්, උල් ආයුධ ඇතුළු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා පෙරේදා (20) විනාශ කරනු ලැබීය. (Sri Lanka Latest News)
නාවික හමුදා නිලධාරීන් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතැපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය මුහුදේ ගිල්වා ඇත.
ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝග පරිදි අතිරේක මහේස්ත්‍රාත් පසාන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය, නඩුභාණ්ඩ භාරකාරිනිය ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව මෙම අවි ආයුධ තොගය ගිල්වා විනාශ කර තිබේ. මෙලෙස විනාශ කරනු ලැබ තිබුණේ කඩු 1000ක්, කිනිසි, උල් ආයුධ, බෝම්බ කොටස්, තුවක්කු 08ක් සහ ගල් කටස් වර්ගයේ ගිනි අවි 10කි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සැකකරුවන්ගෙන් අත්අඩංගුවට ගත් මෙම ආයුධ නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ තිබිණි.
gossiplankanews










