මාතලේ ඇල්කඩුව වතු යායේ පවුල් 3කට අයත් 14ක පිරිසක් වතු අධිකාරි වරයා ඇතුලු පිරිසක් පැමින පළවා හැර ඔවුන්ගේ තාවකාලික නිවාස පවා කුඩුපට්ටම් කර ඇති බවත් මෙය ඉතාමත් වැරදි ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙින්තුවේදී පැවසීය.Sri Lanka Latest News
රජයෙ වතු යායක සිදු වු මෙම අමනොඥ ක්‍රියාවට ඇමතිවරයා පවා වගකව යුතුබවත් මේ රජය මෙරට වතු ප්‍රජාවට සලකන සැලකිල්ල පැහැදිලි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් තැනින් තැනකතා නොපවත්වා ඇමතිවරයා නිවටයකු නොවි මෙම සභාවට පැමිණ පිලිතුර සපයන ලෙස ද විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.










