• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වියත් මග එන්න හදන මග

March 8, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
වියත් මග එන්න හදන මග
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුදැයි යන්න කෙරෙහිය. වසර 70ක කාලයක් පුරා දේශපාලකයන් විසින් මේ රට විනාශ කළා යැයි රට පුරා දැඩි මතවාදයක් පැතිර යන පසුබිමක මෙවර පාර්ලිමේන්තුව සඳහා අලුත්ම පිරිසක් පත් කළ යුතු බවට සංවාදයක්ද නිර්මාණය වී ඇත. මෙතෙක් කල් දේශපාලනයේ නිරත වූ පිරිස් රට සංවර්ධනය පසෙකලා දූෂණ, වංචා සහ වෙනත් අකටයුතුකම් සිදු කරමින් රට විනාශය කරා ගෙන ගිය බවට සංවාදයක්ද ඒ අතර ඇත. එම සංවාදය සඳහා පසුබිම සැකසුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමත් සමඟය. මීට පෙර දේශපාලනයේ නොයෙදුණු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට ඉදිරිපත් කර වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළේ මීට පෙර දේශපාලනයේ නොයෙදුණු වෘත්තීයවේදීන් සහ විද්වතුන් පිරිසක් විසින් ගොඩ නංවා ගත් වියත් මඟ සංවිධානයය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ වියත් මඟ නියෝජනය කළ විද්වතුන් සහ වෘත්තීවේදීන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගත යුතු බවට දැඩි කතාබහක් රට තුළ නිර්මාණය විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැඩි අසීරුතාවකට පත් කිරීමට තරම් එම කතාබහ හරහා මතු වූ ජනමතය ප්‍රබල වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ආරම්භ වන්නේ ලබන මාර්තු 12 වැනිදාය. මාර්තු මස 19 වැනිදා දහවල් 12 දක්වා ඒ සඳහා ඇප මුදල් තැන්පත් කළ හැක. දේශපාලන ආරංචි මාර්ග අනුව මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයක් තම අවසන් අපේක්ෂක ලැයිස්තුව සකස් කර නැත. නමුත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදිනු ඇතැයි ස්ථිරවම පැවසෙන වියත්මඟ නියෝජනය කළ සාමාජිකයන් රැසක් පිළිබඳ අනාවැකි පළ වී ඇත.
ඒ අතරින් ඉදිරියේම පසුවන්නේ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාය. විශේෂත්වය වන්නේ වියත්මඟ නියෝජනය කරන විද්වතුන් අතරින් මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති එකම පුද්ගලයා වීරසේකර මහතාය. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ රියර් අද්මිරාල් වරයකු ලෙස කටයුතු කළ වීරසේකර මහතා 2006 වසරේදී ඉන් විශ්‍රාම ගත් අතර එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වීරසේකර මහතා යටතේ සිවිල් ආරක්ෂක බළකාය පිහිටුවන්නේ ඉන් අනතුරුවය. ඒ හරහා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සිදුවූ මෙහෙය අති මහත්ය. අනතුරුව 2015 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ දිගාමඬුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට වීරසේකර මහතාට හැකි වූ අතර කලක් මහින්ද රාජපක්ෂ මහතා යටතේ නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමටද වීරසේකර මහතාට හැකි විය. සරත් වීරසේකර මහතා පිළිබඳ රට තුළ දැඩි කතා බහක් නිර්මාණය වූයේ ඒ මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සිදු කළ ප්‍රකාශයත් සමඟින්ය. එමෙන්ම වර්තමානයේ දැඩි විවේචනයට හේතු වී ඇති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේ ඡන්දය භාවිත කළ එකම මන්ත්‍රීවරයා වූයේද වීරසේකර මහතාය. 2015 මැතිවරණය සඳහා දිගාමඬුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණද, මෙවර මැතිවරණය සඳහා ඒ මහතා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්ය.
වියත් මඟ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග වැදීමට බලාපොරොත්තු වන තවත් අපේක්ෂකයෙකු ලෙස ව්‍යවසායකයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුර ප්‍රනාන්දු මහතාගේ නම ඉදිරියේම ඇත. වියත් මඟ ආරම්භයේ සිටම ඒ සඳහා කැපවූ අනුර ප්‍රනාන්දු මහතා තම බොහෝ සමාජ ක්‍රියාකාරකම් සිදු කර ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශ මුල් කර ගෙනය. නමුත් මෙවර මැතිවරණය සඳහා ඒ මහතා තෝරා ගෙන ඇත්තේ උතුරු කොළඹ වීම විශේෂත්වයක් වී ඇත. ඉදිරි මැතිවරණය වෙනුවෙන් උතුරු කොළඹ මුල් කර ගනිමින් තම ප්‍රචාරක කටයුතු ඇරඹීමටද ප්‍රනාන්දු මහතා පසුගියදා කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් ඉංජිනේරුවන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් ඇති එකම දේශපාලන පක්ෂය වනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා දැඩි මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා පොදු ජන ඉන්ජිනේරු පෙරමුණ නියෝජනය කරමින් ඊළඟ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ රවිහාර කුලතුංග මහතාය. රවිහාර කුලතුංග පදනම හරහා පසුගිය කාලය පුරා විශාල සමාජ මෙහෙවරක් සිදු කළ කුලතුංග මහතාද මේ වන විට තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ වියත් මඟ නියෝජනය එසේවද්දී, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වියත් මඟ නියෝජනය කරමින් ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයා වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා මහතාය. සුරැකුම් සහ විනිමය කොමිෂන් සභාවේ සහ ලංකා සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ගොඩහේවා මහතාද, වියත් මඟ සංවිධානයේ ආරම්භක සහ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස රට පුරා ප්‍රචලිතව ඇත. සියනෑ කතිකාව හරහා ගම්පහ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දවීම වෙනුවෙන් පසුගිය කාලය පුරා කැපවී ක්‍රියා කළ ගොඩහේවා මහතාද දැනටමත් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.
නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාද දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමත් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත් වූයේද ලලිත් පියුම් පෙරේරා මහතාය.
කළුතර දිස්ත්‍රික්කයේ වියත් මඟ නියෝජනය ලෙස ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ ආචාර්ය චමිල ලියනගේ මහතාය. වියත් මඟ සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වූ ලියනගේ මහතා තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ කළුතර දිස්ත්‍රික්කය පුරා කුඩා ජනහමු පවත්වමිනි. චමිල ලියනගේ මහතාට අමතරව යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක අනූප පස්කුවල් මහතාද ඉදිරි මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව ඇත.
වියත් මඟ හරහා රට පුරා දැඩිව කතා බහට ලක් වූ මහාචාර්ය චරිත හේරත් මහතා තරග වැදීමට බලාපොරොත්තු වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු වූ හේරත් මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය සහ ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කලක් කටයුතු කර ඇත. පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් වියත්මඟ හරහා චරිත හේරත් මහතා ඉටු කළ කාර්යභාරය බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය. චරිත හේරත් මහතා මෙන්ම පසුගිය කාලය පුරා වියත්මඟ හරහා නිරන්තරයෙන් කතා බහට ලක් වූ වෛද්‍ය චන්න ජයසුමන මහතාද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමේ සූදානමින් ඇත. වකුගඩු රෝගීන් සහ එයට හේතු වන සාධක පිළිබඳ පර්යේෂණ කිරීම වෙනුවෙන් තම කාලය කැප කළ ජයසුමන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇත්තේද වකුගඩු රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිවය.
වියත් මඟ දකුණු පළාත් නියෝජනය ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වෛද්‍ය, නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා තරග වැදීමට නියමිතව ඇති අතර ගාල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නීතිඥ ශ්‍රීමාල් විජේසේකර මහතා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ වියත් මඟ නියෝජනය ලෙස ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ ශාස්ත්‍රපති, ව්‍යවසායක කීර්ති බණ්ඩාර හේරත් මහතාය. ඉන්ජිනේරු හර්ෂ චන්ද්‍රසේන මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වියත් මඟ නියෝජනය ලෙස ඉදිරිපත් වන අතර ඉන්ජිනේරු නාලක බණ්ඩාර කෝට්ටගේ මහතා මාතලේ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.
වියත් මඟ සබරගමු නියෝජනය ලෙස රත්නපුර දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත් වන්නේ ගාමිණී වලේබොඩ මහතාය. ඒ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ලෙසද කලක් කටයුතු කර ඇත. වෛද්‍ය චමින්ද ජයසේන මහතා සහ රියර් අද්මිරාල් කීර්ති විජේබණ්ඩාර මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.
මේ අතර ඌව පළාතේ වියත් මඟ නියෝජනය ලෙස බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වන්නේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාය. මොනරාගල දිස්ත්‍රික්ක සඳහා වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා වියත් මඟ වෙනුවෙන් ඉදිරිපත් වීමට නියමිතය. එමෙන්ම වෛද්‍ය හරීන්ද්‍ර ප්‍රදීප් වීරසිංහ මහතා පුත්තලම දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත් වනු ඇත.
ඊට අමතරව තවමත් නිශ්චිත දිස්ත්‍රික්කයක් තීරණය වී නොමැති එහෙත් මැතිවරණයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව සඳහා තෝරා ගැනීමට නියමිත වියත් මඟ සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් රැසක් පිළිබඳවද අනාවැකි පළ වෙමින් ඇත. ඒ අතර ඉදිරියේම ඇත්තේ යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතාගේ නමය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග මහතා ඉටු කළ මෙහෙවරද කිසිවකුට නොදෙවැනි එකකි. කුමාරතුංග මහතාට අමතරව එම ලැයිස්තුවේ සඳහන් අනෙක් පුද්ගලයන් වන්නේ ජෙනරල් දයා රත්නායක, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන යන මහත්වරුය.
ඉදිරි මැතිවරණය සඳහා අපේක්ෂක ලැයිස්තුව සකස් කිරීමේදී පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් පත් වන අපහසුතාව තේරුම් ගැනීමට මෙම නම් ලැයිස්තුව කියැවීම හොඳටම ප්‍රමාණවත්ය. ජනතාවගේ ආශීර්වාදයෙන් පත් වන වෘත්තීයවේදීන් සහ විද්වතුන් අපේ රටේ අනාගතය තීරණය කරන ආකාරය පිළිබඳ අනාවැකි පැවසීමට තවමත් කල් වැඩිය. නමුත් ඔවුන් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් කරනවාද නැද්ද යන තීරණය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකයන් අතය. ඒ කොයි හැටි වෙතත් මැතිවරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් පාර්ලිමේන්තුවට සුදුසුද, නැද්ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ පොදු ජනතාව අතේය.

වියත් මගෙන් හදිසි නිවේදනයක්

වියත් මඟ සංවිධානයේ නාමය භාවිත කරමින් ඇතැමුන් දේශපාලන කටයුතුවල නිරත වන බවත්, ඒ සිය සංවිධානයේ දැනුවත් වීමකින් තොරව සිදුවන බවත් වියත් මඟ සංවිධානය සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කොට ඇත.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

තුමිඳුගේ අලුත් රහස

Next Post

අවුරුදු 39කට කලින් ‌කොරෝනා ගැන කියපු අබිරහස් ‌පොත

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.