පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම්, මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් සිදු කරන ලද බව කියන රන් ජාවාරමට අදාල සියළු තොරතුරු රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මේ වන විටත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලබා දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
කෙසේ වෙතත්, ඊට අදාලව, මන්ත්‍රීවරයාට එරෙහිව, කිසිදු පියවරක් ගැනීමට මේ දක්වා කතානායකවරයා කටයුතු කර නැත.
රන් කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 91 ක් සමඟ, ප්‍රභූ පර්යන්තටයෙන් රට තුළට ඇතුලු වීමට උත්සාහ කළ මන්ත්‍රීවරයා, රේගු බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මාසයේ විසිතුන් වන දා ය.
අදාල භාණ්ඩ නීත්‍යනුකූල බවට සහතික කිරීම සදහා අවශ්‍ය කිසිදු ලේඛනයක් මන්ත්‍රීවරයා සතුව නොතිබුණු බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මන්ත්‍රීවරයා රට තුළට ගෙන රන් තොගයේ වටිනාකම රුපියල් 74,096,990 ක් වූ අතර ජංගම දුරකථන තොගයේ වටිනාකම රුපියල් 4,288,500 කි.
කෙසේ වෙතත්, රේගුව ලක්ෂ හැත්තෑ හතරක දඩයකට යටත් කොට මන්ත්‍රීවරයා නිදහස් කර තිබුණි.










