• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහස් සොයා – ඔත්තු බලා – ඉන්දියාව අවුස්සා ලංකාවට එන්න හදන මහා දැවැන්ත චීන ඔත්තුකරුවා කවුද I Sri Lanka Latest News

August 21, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ සියලු රටවල් අතරින් විශාලතම නාවික හමුදාවට හිමිකම් කියන්නේ චීනයයි. එනම් තවත් ආකාරයකින් කියනවා නම් ලෝකයේ විශාලතම නාවික හමුදාව වන්නේ චීන නාවික හමුදාවයි. ‘චීන මහජන විමුක්ති නාවික හමුදාව’ (Chinese People’s Liberation Navy) ලෙසින් සඳහන් වන මෙම නාවික හමුදාව සතු බලය ඉතා අසීමිතය. සම්පූර්ණයෙන්ම චීනයේ රජය සතු මෙම හමුදාව තුළ නාවික නිලධාරීන් 260,000ක් සේවය කරති.(Sri Lanka Latest News)

මෙම හමුදාවේ පූර්ණ අධිකාරීත්වය ඇත්තේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය සතුවය. විවිධාකාර යුද නෞකාවන් 623ක් සහ විවිධ වර්ගවල ගුවන් යානා 572ක් මෙම හමුදාව සතුය. එසේම නවීනතම සබ්මැරීන් යාත්‍රා 79ක්ද මෙම හමුදාව සතුය. මේවාට අමතරව ගුවන් යානා වාහක නැව් 03ක්, සමුද්‍ර හෙලිකොප්ටර් තටාක 03ක්ද අයත්ය. ප්‍රධාන යුද නෞකාවලට අමතරව මිසයිල බෝට්ටු 109ක් සහ යුද ටැංකි වාහක යාත්‍රා 32ක්ද එම නාවික හමුදාව සතුය. ඒ සියල්ලටම අමතරව අතිශය නවීන යුද අවි ආයුධ වර්ග සිය ගණනක්ද ඔවුන් සතුය.

ලෝකයේ විශාලතම නාවික හමුදාව චීන නාවික හමුදාව යැයි පවසන්නේ කවුරුන් විසින්ද? මෙහිදී හෙළිවන අපූරුතම කරුණක් නම්, එලෙස ශ්‍රේණිගත කිරීමකට සහ තක්සේරුවකට පැමිණ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුවය. එනම් එම තක්සේරුව සිදුකරන්නේ චීන නාවික හමුදාව සතුව ඇති යුද නෞකා සහ යුද ගුවන් යානා ප්‍රමාණය අවධානයට ගනිමිනි. නාවික හමුදාවක් එහි විශාලත්වය ප්‍රධාන වශයෙන්ම පෙන්නුම් කරන්නේ එම හමුදාව සතු වන යුද නෞකා, යුද ගුවන් යානා සහ පිරිස් බලයද තක්සේරුවට ගනිමිනි.

ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ තමන්ගේ ඇමෙරිකානු නාවික හමුදාව සතුව විවිධාකාර වර්ගවල නවීන යුද අවි ආයුධ තිබුණද නෞකා සහ ගුවන් යානා බලය අඩු බවය. මෙහිදී ඇමෙරිකානු නාවික හමුදාව සතුව ඇත්තේ යුද නෞකා 455ක් පමණක් බවත්, එහෙත් චීන නාවික හමුදාව සතුව යුද නෞකා 623ක් ඇත. මේ අනුව හෙළිවන කරුණක් නම් ලෝකයේ දෙවැනි විශාලතම නාවික හමුදාව ඇමෙරිකානු නාවික හමුදාව බවත්, තෙවැනි විශාලතම නාවික හමුදාව රුසියානු නාවික හමුදාව බවත්ය.

අද ඔබට ලෝකයේ ඇති මෙම නාවික යුද හමුදා බලය ගැන යම් විස්තරයක් ලියා තබමින් මෙම ලිපිය ආරම්භ කළේ ඇයි? එසේම ලෝකයේ බලගතුම නාවික හමුදාව යනු චීන නාවික හමුදාව යැයි ප්‍රකාශ කරන්නටද හේතු වූයේ ඇයි? ඒ සියල්ලටම හේතුව වූයේ මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබුණු එක්තරා වගතුගක් හේතුවෙනි. එම කතාව කුමක්ද? පසුගියදා අපට විදේශ මාධ්‍ය කිහිපයක් හරහා අසන්නට ලැබුණේ හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්තරා අබිරහස් නෞකාවක් ගැන වගතුගකි. මෙය චීනයට අයත් නෞකාවක් වන අතර, මෙහි ශ්‍රී ලංකා ආගමනය ගැන විශාල ආන්දෝලනයක් මේ වන විට උද්ගතව ඇත. එහිදී බොහෝ පාර්ශ්ව මෙම සිදුවීම හරහා දැඩි කුතුහලයක් මතු කළහ. මෙම අලුත්ම ආන්දෝලනාත්මක වගතුග කුමක්දැයි සොයා බලමු.

මෙහිදී මෙම චීන නෞකාවේ ශ්‍රී ලංකා ආගමනය ගැන බොහෝ තදබල ප්‍රකාශයක් සිදුකර ඇත්තේ ඉන්දියාව විසිනි. එනම් මෙම සංචාරයට බොහෝ දැඩි විරෝධයක් මේ වන විට ඉන්දියානු රජය විසින් ඉදිරිපත් කර ඇත. මේ ආකාරයේම සිදුවීමක් මෙයට හරියටම වසරකට පෙරදී ශ්‍රී ලංකාව තුළදී සිදුවිය. එනම් 2022 අගෝස්තු මාසයේදීද චීනයේ සුවිශාල නවීන ඔත්තු ගවේෂණ කෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණියේය. ‘යුආන්ග් වැන්ග් 5’ (Yuan Wang 5) නමැති එම චීන නෞකාව එලෙස පසුගිය වසරේදී හම්බන්තොට වරායට පැමිණ දින 06ක කාලයක් එහි නවතා තිබුණේය. එය සාගර විද්‍යාවට අදාළව බොහෝ සංකීර්ණ පර්යේෂණ සිදුකරනු ලබන අතිශය නවීන විද්‍යාත්මක උපකරණ රාශියකින් සමන්විත වූවකි.

මෙම චීන පර්යේෂණ නෞකාව මගින් ඉන්දියාවේ ස්ථාපිත කර තිබෙන බොහෝ රහසිගත යුද මෙහෙයුම් ක්‍රියාවලීන් නිරීක්ෂණය කළ හැකි යැයි එවිට චෝදනා එල්ල විය. විශේෂයෙන් ඉන්දියාවේ ස්ථාපිත කර ඇති නවීන මිසයිල පද්ධති මෙන්ම සැටලයිට් ගවේෂණ පද්ධති ගැනද මෙම නැව තුළ ඇති උපකරණ මගින් තොරතුරු රැස්කරගත හැකි බවට චෝදනා එල්ල විය. මේ නිසාම එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ගැන දැඩි විරෝධයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට එල්ල කළේය.

එම විරෝධතා මත ශ්‍රී ලංකා රජය විසින් මෙම චීන නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසරය ලබාදුන්නේ නැත. එහෙත් මාසයක් පමණ එසේ තිබීමෙන් පසුව ශ්‍රී ලංකා රජයට චීන රජයට අවනත වීමට සිදුවිය. අවසානයේදී මෙම ඔත්තු නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලැබිණි. ඉන්දීය විරෝධතා සුළඟේ පාවී ගිය අතර, චීන මකරාට මෙල්ල වීමට ශ්‍රී ලංකා සිංහයාට සිදුවිය. පසුගිය වසරේ මෙම අබිරහස් චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණි පසු එම සංචාරය වාර්තා කිරීමට එහි ගිය කිසිදු දෙස් විදෙස් මාධ්‍යවේදියකුට එම නැවට ඇතුළු වීමට අවසර නොලැබිණි.

නැවේ සේයාරූ ගැනීම ආදිය නැවෙන් පිටත වරාය තුළදී පමණක් සිදුවිය. මෙරට ශ්‍රී ලංකා රජයේ විශේෂිතම නිලධාරීන් කිහිප දෙනකු පමණක් හැරෙන්නට වෙනත් කිසිදු මෙරට නාවික හමුදා හෝ රාජ්‍ය සිවිල් නිලධාරීන්ට පවා නැවට ඇතුළු වීමට අවසර නොලැබිණි. මේ ආකාරයට එදා ශ්‍රී ලංකා රජය චීනයේ බලගතු රතු මකරාට අවනත වී තම මෙහෙයුම් සිදුකළේය. මෙම තත්ත්වය ගැන එහිදී ඉන්දියානු රජය තම දැඩි විරෝධය සහ දැඩි පිළිකුල ශ්‍රී ලංකා රජයට ඍජුවම ඉදිරිපත් කර සිටියේය. එහෙත් ශ්‍රී ලංකාවට චීනය ඉදිරියේ දණ නමන්නට සිදුවිය.

දැන් එහෙනම් හෙට අනිද්දාම මහා සාගරය හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ඔත්තුකාරයා කවරෙක්ද? මෙම බලගතු චීන ඔත්තුකාරයාගේ වගතුග සොයා බලමු. මෙම චීන සමුද්‍ර ගවේෂණ හා පර්යේෂණ නෞකාවේ නම ‘ෂී යැන් 6’ (Shi-Yan 6) ලෙසින් සඳහන් වෙයි. 2020 වසරේදී නිෂ්පාදනය කර ඇති මෙම නවතම නෞකාව සතුව ලෝකයේ තිබෙන ඉතා නවීන සහ අධිතාක්ෂණික පර්යේෂණ උපකරණ රාශියක් ඇත.

මෙම නෞකාව දිගින් මීටර් 91ක් සහ පළලින් මීටර් 17ක් වන අතර, එහි සම්පූර්ණ බර ටොන් 3,999කි. මෙහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය 78 දෙනකුගෙන් සමන්විතය. එම කාර්ය මණ්ඩලයට බහුතරයක් පර්යේෂකයන් සහ ගවේෂකයන්ද අයත් වෙති. මෙම ‘ෂි යැන් 6’ නෞකාව මේ වන විට චීනයේ ගුවැන්ග්ෂෝ වරායෙන් පිටත්ව නාවික සැතපුම් ‘නොට් 14.7’ක වේගයකින් ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇත. මෙම ගමන අතරවාරයේදී නෞකාව තවත් රටවල් දෙකක වරායන් හරහා පැමිණ ශ්‍රී ලංකාවට සේන්දු වීමට නියමිතය.

මෙම ‘ෂි යැන් 6’ චීන ගවේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ඉන්දියානු රජය තම දැඩි විරෝධය ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කර ඇත. එම වටපිටාව මත මේ වන තෙක්ම එම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා රජය අවසර ලබාදී නොමැත. එම තත්ත්වය එසේ වුවද පසුගිය 2022 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතිශයම අධිතාක්ෂණික, පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන්ද වූයේ එවැනිම තත්ත්වයකි.

එනම් එම නෞකාවටද ශ්‍රී ලංකාවට ඇතුළු වීමට මාසයක පමණ කාලයක් තිස්සේ අවසර නොදී තිබී අවසානයේදී චීන රජයේ දැඩි බලපෑම මත ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබාදීමට ශ්‍රී ලාංකික බලධාරීන්ට සිදුවිය. එහිදී ඉන්දීය රජය දැඩි සේ ශ්‍රී ලංකා රජය සමග උරණ වන තත්ත්වයකට පැමිණියේය. ‘යුආන්ග් වැන්ග් 5’ නමැති එම චීන පර්යේෂණ නෞකාව සැබෑ ලෙසම ප්‍රභල ඔත්තුකාරයකු ලෙස ක්‍රියා කරන නෞකාවක් ලෙස ප්‍රචලිතව තිබිණි.

එහි ස්වරූපයෙන්ද එහි අධිතාක්ෂණිකභාවය සැණෙකින්ම මැනගත හැකිය. එම නෞකාව හම්බන්තොට වරායට පැමිණ එහි ගතකළ දින 06ක කාලය තුළදී විශේෂයෙන්ම ඉන්දියාවේ සාගර කලාපය අවට යුද රහස් රැසක් සොයාගන්නට ඇතැයි මේ වන විටද ඉන්දියාව සහ තවත් පාර්ශ්වවලින් දැඩි ලෙස චෝදනා නැගෙයි. එම නෞකාව හෙට අනිද්දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවට වඩා අතිශයින්ම බලගතු එකක් විය.

එම නෞකාව නැංගුරම්ලා සිටින ඕනෑම රටක සාගරයක් තුළදී එම සමීප රටවල ඕනෑම යුද මෙහෙයුම් රහස් සොයාගැනීමේ පහසුකම් එය සතුව ඇත. එහිදී ශ්‍රී ලංකා රජය පුරාජේරු පවසමින් සිටියත් අවසානයේදී චීන රතු මකරා ඉදිරියේ දණගසන්නට විය. ඒ අනුව මෙවර හෙට අනිද්දා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණෙන අලුත් චීන ඔත්තුකාරයාටද ශ්‍රී ලංකාව දණ නැවීම අනිවාර්ය වනු ඇත. ‘කතාව දෝලාවෙන් ගමන පයින්’ යන පැරැණි සිද්ධාන්තය අනුගමනය කරනු ඇතිය.

කෙසේ හෝ මෙම චීන පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබුණහොත් එය ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා සම්පූර්ණයෙන්ම මාසයක කාලයක් කොළඹ වරායේත් ඉන් පසුව හම්බන්තොට වරායේත් නැංගුරම්ලා තිබෙනු ඇත. මෙම මාසයක කාලය තුළදී ඉන්දියානු සාගර කලාපයට අදාළව විවිධ ගවේෂණයන් සහ පර්යේෂණයන්හි නිරතවනු ඇත. මෙවැනි දීර්ඝ කාලයක් පුරා චීන ගවේෂණ නෞකාව ශ්‍රී ලංකා වරායන්හි නවතා තැබීම මගින් පොදුවේ ඉන්දියානු සාගරයේ ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් ඇතිවන බව මේ වන විට ඉන්දියාව ප්‍රමුඛ පාර්ශ්ව ගණනාවක් දැඩි ලෙස චෝදනා කර ඇත.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකළ සංචාරයේදී මෙම අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දැඩි ලෙස අවධාරණය කර ඇත. ඔහු මෙරට ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ දීර්ඝ ලෙස කතාබස් කර ඇත. ශ්‍රී ලංකාව චීනය වෙත මෙවැනි අවස්ථාවන් ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත්, පසුගිය කාලයක් පුරාම එවැනි තත්ත්වයන්ට ශ්‍රී ලංකා රජය ඉඩ ලබාදුන් බවත් ඉන්දියානු පාර්ශ්වය ප්‍රකාශ කර ඇත.

එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්දියානු අගමැතිවරයාට පොරොන්දු වී ඇත්තේ ඉදිරියේදී ඉන්දියානු සාගරයේ ආරක්ෂාවට තර්ජනයක් සිදුවන එවැනි චීන බලපෑම්වලට ඉඩ නොදෙන බවය. කෙසේ වෙතත් එම පොරොන්දුව හෙට අනිද්දාම ඉටුවන්නේදැයි අපට බලාගැනීමට හැකි වන්නේ මෙම අලුත්ම චීන නෞකා හුටපටය කෙසේ විසඳෙන්නේදැයි බලා සිටීමෙනි. වර්තමාන නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අර්බුදයට කෙසේ මුහුණ දෙන්නේදැයි හෙට අනිද්දාම හොඳින්ම බලාගත හැකිය. චීනයේ බලගතු රතු මකරා පසුගිය කාලයක් පුරාම ශ්‍රී ලාංකික සිංහයා තනි අතින් මිටමොළවා ග්‍රහණයට ගත් ආකාරය අපට හොඳින්ම දක්නට හැකි විය. සත්‍යය එසේ විය.

මෙවැනි විවිධ චීන හුටපටවලදී ශ්‍රී ලංකාවේ බලධාරීන් ‘කටින් බතල කොළ සිටුවන ආකාරය’ නිරන්තරයෙන්ම දක්නට හැකි විය. එනම් එවැනි තවත් සිදුවීමක්ද ඇතිවී තවද ගතවී ඇත්තේ දින කිහිපයක් පමණි. පසුගියදා මෙයට දින කිහිපයකට පෙරදීද තවත් චීන යුද නෞකාවක් කොළඹ වරායට පැමිණියේය. මෙම නෞකාව පැමිණීමට පෙරදීද ඉන්දියානු රාජ්‍ය පාර්ශ්ව තම විරෝධතාව ඉදිරිපත් කළද, එය ගඟට කැපූ ඉනි මෙන් විය. මුලින් එම යුද නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොදෙන්නේ යැයි පැවසූ ශ්‍රී ලංකා රජය පසුව බොහෝ සීරුමාරුවෙන් ඒ සඳහා අවසර ලබාදී තිබිණි.

මේ ආකාරයට මෙයට දින කිහිපයකට පෙරදී පැමිණි චීන යුද නෞකාව ‘හයි යැන්ග් 24’ (Hai Yang 24) ලෙසින් නම්කෙරී තිබිණි. මෙය චීනයේ නාවික හමුදාවේ නිලධාරීන් 138 දෙනකුගෙන් සමන්විත වූ නවීන අධිතාක්ෂණික යුද නෞකාවක් විය. චීනයේ නාවික හමුදා කොමදෝරු ජින් සින් (Jin Xin) නමැති නාවික සෙන්පතියාගේ ප්‍රධානත්වයෙන් මෙය ශ්‍රී ලංකාවට යාත්‍රා කෙරිණි. මෙම යුද නෞකාව මීටර් 129ක දිගකින් යුක්ත වූ අතර, එය නවීනතම යුද අවි ආයුධවලින් සමන්විත වූ එකක් විය. මෙම නෞකාව කොළඹ වරායේ දින දෙකක් පමණක් නැංගුරම්ලා තිබී පසුව පිටත්ව ගොස් ඇත. මෙම කිසිදු චීන නෞකාවකට මාධ්‍ය සඳහා ඇතුළු වීමට අවසර ලැබී නොතිබිණි. එම නෞකාවල සේයාරූ රැගෙන තිබුණේ වරායේ තිබියදී පමණකි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දත්තවලට අනුව මෙම රජය පත්ව වසර 03ක කාලයට මෙරටට විවිධ රටවලට අයත් යුද නෞකා 160ක්ද, පර්යේෂණ නෞකා 05ක්ද පැමිණ ඇත. එම කාලවකවානුව 2020 ජනවාරි සිට 2023 අගෝස්තු ලෙස සඳහන් වෙයි. මෙම නෞකාවලින් බහුතරයක් අයත් වන්නේ චීනයට සහ ඉන්දියාවටය. එයින්ද පෙරමුණ ගෙන ඇත්තේ චීනයයි. මෙහිදී ශ්‍රී ලංකාව සිටින්නේ ‘ගිරයට හසුවූ පුවකක් මෙනි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රත්තරන් හොරෙන් ගෙනත් අහුවූ අලි සබ්‍රි රහීම්ගේ වාර්තාව රේගුවෙන් කතානායකට දීලත් ඉවරයි! තවම රහීම්ට එරෙහිව කතානායක මොනවත්ම කරලා නෑ! I Sri Lanka Latest News

Next Post

සාගල-රුවන්-සමරතුංගත් එක්ක රනිල් අද පාන්දර සිංගප්පූරු ගියා! I Sri Lanka Latest News

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.