• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF සමාලෝචනය අත ළඟ තියෙද්දිත් තවම ආණ්ඩුව ඉටු කරලා තියෙන්නේ 35%යි! 15%ක ප්‍රගතිය ගැන හොයන්නවත් බෑ! ජුලි මාසයේ වෙරිටේ රිසර්ච් IMF මීටරය කියන කතාව! I Sri Lanka Latest News

August 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
IMF සමාලෝචනය අත ළඟ තියෙද්දිත් තවම ආණ්ඩුව ඉටු කරලා තියෙන්නේ 35%යි! 15%ක ප්‍රගතිය ගැන හොයන්නවත් බෑ! ජුලි මාසයේ වෙරිටේ රිසර්ච් IMF මීටරය කියන කතාව! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීමට වෙරිටේ රිසර්ච් හඳුන්වාදුන් IMF මීටරයට අනුව, 2023 ජූලි මාසය වන විට එම වැඩසටහනේ ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100කින්, 35%ක් ඉටු කර අවසන්ව ඇත. 15%ක කැපවීම්වල ප්‍රගතිය “නොදනී” ලෙස වර්ග කර ඇත.

“නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම්වල ප්‍රතිශතය 2023 මාර්තු මාසයේ සිට ජූලි මාසය දක්වා ගෙවී ඇති කාලය ඇතුළත 9%ක සිට 15%ක් දක්වා ඉහළ ගොස් තිබෙණ බව, වෙරිටේ රිසර්ච් වැඩිදුරටත් පවසයි.

“නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම් එසේ වර්ග කර ඇත්තේ ප්‍රගතිය තක්සේරු කිරීමට කිසිඳු දත්තයක් නොමැති පසුබිමක ය. එම කැපවීම් ඉටුකිරීමට එකඟ වූ කාල සීමාව පසුකර තිබිය දී, පවා එම දත්ත සොයාගැනීමට තිබී නැත.

මෙම තත්ත්වය වැඩසටහනේ ප්‍රගතිය අරබයා ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යන විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු මතුකරන්නක් බව ද, වෙරිටේ රිසර්ච් කියයි

“නොදනී” කාණ්ඩයේ කැපවීම් ඉහළ යාමට හේතු මොනවාද?

IMF මීටරය, IMF වැඩසටහනේ ඇති කැපවීම්වල ප්‍රගතිය වර්ග කරන්නේ “ඉටුකළ”, “ඉටු නොකළ” සහ “නොදනී” ලෙස ය.

“නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම් සංඛ්‍යාව ඉහළ යාම කරුණු දෙකක් මත පදනම් විය හැකි බව වෙරිටේ රිසර්ච් සඳහන් කරයි. පළමුවැන්න, ආණ්ඩුව මෙම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී තිබීම නිසා තමන්ගේ අසාර්ථකත්වය පිළිගැනීම ප්‍රමාද කිරීමට තොරතුරු ප්‍රසිද්ධ නොකිරීම ය. ජනතාව හෝ පාර්ලිමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කාර්යයේ වැදගත් පාර්ශවකරුවන් ලෙස නොසළකන නිසා ඔවුන්ට තීරණාත්මක තොරතුරු ලබාදීමට ආණ්ඩුව උනන්දුවක් නොදැක්වීම දෙවැන්න ය.

ශ්‍රී ලංකාවට තමන්ගේ ප්‍රගතිය කඩිනම් කළ හැකි ද?
ජුලි මාසය අවසන් වන විට IMF වැඩසටහනට අදාළව ඉටු කළ යුතුව තිබූ කැපවීම් 57න් 35ක් ශ්‍රී ලංකාව ඉටු කර ඇති අතර, එය ජූනි මාසයේදී ඉටුකළ කැපවීම් 33ට වඩා වර්ධනයකි. ජූලි මාසයේ දී, පාර්ලිමේන්තුව වැදගත් පනත් දෙකකට අනුමැතිය ලබා දුන්නේය. එ්වා නම්, ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ දූෂණ විරෝධී පනත යි. මෙම පණත් අනුමත කිරීමට නියමිතව තිබුණේ පිළිවෙළින් 2023 අප්‍රේල් සහ ජුනි මාසවලදී ය. ශ්‍රී ලංකාව ඉදිරියට යමින් සිටින්නේ කලින් එකඟවූ කාලසීමාවන් අනුව නොව සැළකිය යුතු ප්‍රමාදයක් සහිතව බව මෙයින් පෙනී යයි.

මාර්තු මාසයේදී, ඒ වන විටත් ඉටු කර තිබූ කැපවීම් 25ක් සමඟින්, ශ්‍රී ලංකාව විසින් IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා හොඳ ආරම්භයක් සනිටුහන් කළ අතර, පසුව කැපවීම් ඉටු කිරීමේ සාමාන්‍ය අනුපාතය මසකට කැපවීම් 03කට වඩා අඩු විය. සැප්තැම්බර් අග වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය සිදුකර අරමුදල්වල දෙවන වාරිකය ලබා දීමට නියමිත කාලයේ, ශ්‍රී ලංකාව කැපවීම් 71 ක් ඉටු කර තිබිය යුතුය. මෙම ඉලක්කය කරා ළඟා වීමට නම්, ශ්‍රී ලංකාව අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී, මසකට කැපවීම් 18ක් බැගින් ඉටු කළ යුතුය.

ප්‍රතිපත්ති හා බැදුණු ඕනෑම ක්‍රියාකාරකමකට අදාළව, එම ක්‍රියාකාරකමේ ප්‍රගතිය සම්බන්ධයෙන් නියමිත දිනයට මාස 2කට පසු වුවත් කිසිඳු තොරතුරක් ප්‍රසිද්ධ කර නොමැති නම් ඒවා “ඉටු නොකළ” කැපවීම් ලෙස වර්ග කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, “රජයට අයත් විශාලතම බැංකු දෙක සහ පෞද්ගලික අංශයේ විශාලතම බැංකු තුන වෙනුවෙන් අදාළ වන බැංකු සවිමත් කිරීමේ විධිවිධානයේ වත්කම් ගුණාත්මකතා සමාලෝචනය සංරචකය සම්පූර්ණ කිරීම” යන අප්‍රේල් මාසයේ සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ කැපවීම, “නොදනී” සිට ඉටු නොකළ කැපවීමක් ලෙස නැවත වර්ගීකරණය කර ඇත. ජූලි මස අග වන විට, සම්පූර්ණයෙන් කැපවීම් 07ක් “ඉටු නොකළ” කැපවීම් ලෙස වර්ගීකරණය කර ඇත.

SendShareShare
Previous Post

වතුර නැතිව කැලෑ සත්තුන්ටත් පිස්සු හැදිලා! වඳුරන් ප්‍රචණ්ඩකාරී වෙලා වතුර හොයාගෙන ගම්වදින්න පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

රත්තරන් හොරෙන් ගෙනත් අහුවූ අලි සබ්‍රි රහීම්ගේ වාර්තාව රේගුවෙන් කතානායකට දීලත් ඉවරයි! තවම රහීම්ට එරෙහිව කතානායක මොනවත්ම කරලා නෑ! I Sri Lanka Latest News

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.