‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
‘සිනෝපෙක්’ සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් ඒ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් අමාත්‍යවරයා කීය.
මීට පෙර මාධ්‍ය වාර්තා පළ කොට තිබුණේ පවතින මිලට වඩා සෑම ඉන්ධන වර්ගයක්ම රුපියල් 3ක් අඩු මිලට සිනොපෙක් විසින් ලබා දෙනු ඇති බවකි.










