මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු වෙන්දේසි පොළ අසල දී පසුගිය සෙනසුරාදා (12දා) උදෑසන හිසට වෙඩි තබා ඝාතනය කළ කඩවසම් තරුණ කායවර්ධන ක්‍රීඩකයාගේ ඝාතනය වැරදි අවබෝධයක් මත ලබා දුන් කොන්ත්‍රාත් ඝාතනයක ප්‍රතිඵලයක් බව විමර්ශන අංශ හෙළි කරයි.Sri Lanka Latest News
කොන්ත්‍රාත්තුව ලබා ගත් ඝාතකයන් නිවැරදි ලෙස තම ඉලක්කය ලබා ගෙන මෙම තරුණයාට වෙඩි තබා ඝාතනය කළ ද කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා වැරදි අවබෝධයක් මත මෙම තරුණයා නම් කර ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දීම හේතුවෙන් අදාල ඝාතනය නිරපරාද ඝාතනයක් බව ද විමර්ශන අංශ කියයි.
ඝාතනයට ලක් වූයේ දුම්ගල්පිටිය ලෙල්ලමේ රථ ගාල පරිපාලනය ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයා ලඟ රැකියා කරමින් එහි නවත්වන වාහන සඳහා ගාස්තු අයකිරීම රැකියාව ලෙස කළ මීගමුවේ උතුර පිටිපන පදිංචිව සිටි නයිදප්පුලාගේ ධනුෂ්ක ඇන්ජන් උමයංග නැමැති තරුණ කායවර්ධන ක්‍රීඩකයාය.
එම ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයාගේ බිරිය කිසියම් තැනැත්තෙක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා තිබේ.
එම පුද්ගලයා මෙම තරුණ කායවර්ධක ක්‍රීඩකයාගේ මිතුරෙක් බව ද පැවසේ.
ව්‍යාපාරික බිරිය සිය අනියම් පෙම්වතා හමුවීමට යෑමට සෑම අවස්ථාවකම මෙම තරුණයාගේ ත්‍රී රෝද රථය භාවිතා කිරීමත්, පෙම්වතා හමුවීම සම්බන්ධීකරණය මෙම තරුණයා හරහා සිදුකිරීමත් හේතුවෙන් ව්‍යාපාරිකයා උපකල්පනය කර ඇත්තේ සිය බිරිය අනියම් සම්බන්ධය පවත්වන්නේ මෙම කඩවසම් තරුණයා සමග බව යැයි හෙළි වී ඇත.
තමන් ළඟම රැකියාව කරමින් තමන්ගේ හොඳම ගෝලයා ලෙස සිටින පුද්ගලයා තමන්ගේ බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වනු ඇතැයි සැක කළ ව්‍යාපාරිකයා මෙම තරුණයාගේ ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිහි සිටිමින් දකුණේ පාතාලය මෙහෙයවන හීනටියන ප්‍රදේශයේ අපරාධකරුවෙකුට ලබා දී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ඔහු ලෙල්ලමේ රැකියාවේ යෙදී සිටිය දී පසුගිය සෙනසුරාදා උදෑසන 9.15ට පමණ යතුරු පැදියකින් පැමිණි ඝාතකයා තරුණයා අසලටම ගොස් මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.
මෙම තරුණයා මෑතක දි පැවැත්වෙන කායවර්ධන තරගයකට ඉදිරිපත් වීමට සූදානමින් සිට ඇත. ඔහු මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන පාතාලය සමග කිසිම සම්බන්ධතාවයක් නැති පුද්ගලයෙක් බව වාර්තා වේ.
තව දෙමසකින් විවාහයට ඇතුළත් වීමේ සැලසුම ද ඔහුට තිබී ඇත.
කෙසේ වෙතත් මේ වනවිට තරුණයා ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් ව්‍යාපාරිකයා සැඟව පලා ගොස් ඇත. පොලිසිය ඔහු සොයා ගැනීමේ මෙහෙයුමක නිරතව ඇත.
මීගමුව පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-ලංකාසර










