වැඩ තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. Sri Lanka Latest News
2019 වසරේදී හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මස 24 වනදා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව වැඩ තහනමට ලක් කළා.
මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නිකුත් කර තිබූ වාර්තා පදනම් කරගනිමින් මෙලෙස එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
එම පරීක්ෂණ වාර්තාවල සඳහන්ව ඇත්තේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිඅතර සිදුවූ බවට සඳහන් දුරකථන සංවාද හඬ පටය සංස්කරණය කරන ලද්දක්බවයි.
මෙම සිදුවීම එකළ දේශපාලන වේදිකාවේදී දැඩි කතාබහකට ලක්වූ සිදුවීමක් වූ අතර එහිදී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටියේ තමන් සමග සිදුකළ සම්පූර්ණ හඬපටය ප්‍රසිද්ධියට පත්කරන ලෙසය. අදාළ සිදුවීම වන අවස්ථාවේ ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස රාජකාරියේ නිරතව සිටියා.
මේ වනවිට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය විශ්‍රාම ගෙන සිටින අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමග ඇයට හිමිවිය යුතු හිඟ වැටුප් සහ වරප්‍රසාද ඉදිරියේදී හිමි වීමට නියමිතයි.










