ඇවන්ගාඩ් හිමිකරු මේජර් නිශ්ශංක සේනාධිපති විසින් විකෘති කර බෙදා හරින ලද හඬ පට සහ වීඩියෝ පටය තුළින් තමාට සිදු වූ අපකීර්තියට වන්දිවශයෙන් රුපියල් බිලියන 02ක මුදලක් වහාම ගෙවිය යුතු බව පවසමින් හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් සේනාධිපති වෙත එන්තර්වාසියක්ද යොමුකර ඇත.
එය ගෙවීමට අපොහොසත් වුවහොත් වන්දි ඉල්ලා නඩු පවරන බවද ඇය පවසයි.
නිශ්ශංක සේනාධිපති විසින් සමාජ මාධ්‍යවල සහ ප්‍රධාන මාධ්‍යවල ප්‍රචාරය කළ දුරකථන සංවාදයක හඩපටයක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් එලෙස වැඩ තහනමට ලක් කිරීම වැරදි බවත් ඇය වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් නියෝග කර තිබිණ.










