එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් ලකුණකින් මහමැතිවරණයට තරග කිරීමට පළ කළ එකගතාව වෙනස් කිරීමට සැලසුම් කිරීමත් සමග අද (01) රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව වාර්තා වේ.
මීට පෙර වෙනත් ලකුණකින් තරග කිරීමට එකගතාව පළ කොට තිබුණද නැවතත් අලියා ලකුණ යටතේම තරග කළ යුතු බවට වශයෙන් වික්‍රමසිංහ මහතා නැවතත් කලින් සිටි ස්ථාවරයටම පැමිණ ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රේමදාස පාර්ශ්වයට තොරතුරු වාර්තා වීීමත් සමග මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයේ ඒ මහතාට සහාය දක්වන කණ්ඩායමේ විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් මුලින් වික්‍රමසිංහ මහතා සැලසුම් කොට තිබුණේ අද දින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසුව සියලුම සාමාජිකයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද ලබා දීමටය.
නමුත් මේ වනවිට එම රාත්‍රී භෝජන සංග්‍රහයද වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවත්, ප්‍රේමදාස පාර්ශ්වය කලින් සැලසුම් කළ පරිදිම වෙනත් සලකුණක් යටතේ තරග වැදීම ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට තිබේ.










