කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් පර්යේෂණාත්මකව නිෂ්පාදනය කළ පිළිකා සෛල නාශක හැකියාවෙන් VERNOLAC ලෙස නම්කර ඇති මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු මේ වන විට සිදු කරනු ලබන්නේ Fadna සමාගමයි.Sri Lanka Latest News
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග මහතා පවසන්නේ මෙම ඖෂධයට මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශාල ඉල්ලුමක් ලැබී ඇති බවයි.
නව නිෂ්පාදන සිදු කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව මෙම ඖෂධය නිෂ්පාදනය කිරීමේ කටයුත්තට තම ආයතනය මැදිහත් වුවද මේ වන විට එම ඖෂධයට ඇති ඉල්ලුම හමුවේ තමන් ද දැඩි කම්පාවකට පත්ව සිටින බව සඳහන් කර තිබෙනවා.
එවැනි වටපිටාවක් තුළ මෙම පිළිකා නාශක පෝෂණ ඖෂධය අලෙවි කොට ලාබ ඉපයීම වෙනුවට ලැබෙන ශුද්ධ ලාභය පිළිකා රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් වැය කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට තම ආයතනය තීරණය කර ඇති බවද ඔහු මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.
විශ්ව විද්‍යාල මගින් විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් තහවුරු කරගත් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නිෂ්පාදිත නිෂ්පාදනය වෙනුවෙන් තම ආයතනය ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.










