මස්කෙළිය ප්‍රදේශයේ පාසල් දැරියක් කිලෝමිටර් දෙකක දුරක් විනාඩි 14කින් පාගමනින් ගොස් ගිනස් වාර්තාවක් තැබීමට (31) පෙරේදා සමත් වූවාය. (Sri Lanka Latest News)
විග්නේෂ්වරන් ශස්මිකා (06) නමැති එම දැරිය මස්කෙළිය ශාන්ත ජෝශප් දමිළ මහා විද්‍යාලයේ 01 වසරේ අධ්‍යාපනය ලබන අතර, මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ බ්‍රවුන්ග්ලෝ වතුයායේ හින්දු කෝවිල අසල සිට මස්කෙළිය පොලිස් ස්ථානය දක්වා කිලෝමීටර් දෙකකට අධික දුරක් විනාඩි 14 කින් පාගමනින් ගොස් මෙම ගිනස් වාර්තාව පිහිටුවා ඇත.
දැරිය පාගමනින් ගොස් ගිනස් වාර්තාවක් තැබීම අධීක්ෂණය කිරීම සඳහා ගිනස් වාර්තා අධීක්ෂණ කමිටුවේ මෙරට නියෝජිත ජූඩ් නිමලන් මහතා ද එක්වී සිටියේය.
දෙමවුපියන්ගේ හා ප්‍රදේශවාසින්ගේත්, ඇය අධ්‍යාපනය ලබන පාසලේ සිසු සිසුවියන්ගේ සහ මස්කෙළිය සහයෝගයෙන් ඇය මෙම වාර්තාව පිහිටු වූවාය.
වී. ශස්මිකාගේ පියා වන එස්. විග්නේෂ්වරන් මීට මාස කිහිපයකට ප්‍රථම යාපනයේ සිට කොළඹ දක්වා පාගමනින් ගොස් මෙරට වාර්තාවක් තැබූ නිසා තමන්ට ගිනස් වාර්තාවක් තැබීමට ආශාවක් ඇති වූ බව වී. ශස්මිකා සිසුවිය කීවාය.
ගිනස් වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව මෙරට ගිනස් වාර්තා අධීක්ෂණ කමිටුවේ සාමාජික ජූඩ් නිමලන් මහතා ඇයට හිමි සහතික පත සහ පදක්කම පිළිගැන්විය.
gossiplankanews










