තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර මහතා විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.Sri Lanka Latest News
පසුගියදා (28) බොරැල්ලේ පැවති විරෝධතාවක් අතරතුර ඔහු අත්අඩංගුවට පත් විය.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත තරිඳු උඩුවරගෙදර මහතා බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
තරිඳු උඩුවරගෙදර මහතා ඊයේ ඇප මත මුදා හැරිණි.










