මීට සති කිහිපයකට ඉහතදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ නිල නිවෙසට යොමුකොට තිබූ වතුර බිල්පතක් ගෙවාදමන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමුකිරීමට පියවර ගෙන තිබිණි. නමුත් ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබුණේ ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද අතරේ බිල්පත් ගෙවීම නොමැති බවත්, ඒ බව අධිකරණ තීන්දුවකින් පවා තහවුරු කොට ඇති බවත්ය.Sri Lanka Latest News
දීපු නඩු තීන්දුව!
මේ සම්බන්ධයෙන් ගෝඨාට පිළිතුරු යැවීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය කළ සොයාබැලීමකදී මේ පිළිබඳ අනාවරණ කරගැනීමට ඔවුන්ට හැකි විය. මෙම නඩු තීන්දුව ලැබී තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලසීමාවේදීය. මහින්ද බලයට පැමිණීමත් සමග හිටපු ජනාධිපති චන්ද්‍රිකා සමග කිසියම් විරසකයකින් පසුවීම නිසා චන්ද්‍රිකාට ලබාදී තිබූ වරප්‍රසාද එකින් එක කපාදැමීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකෙරුණු අතර, එහිදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා තීන්දු කළේ හිටපු ජනාධිපතිවරයකුට නිල නිවාසයක්, නිල වාහන 3ක් සහ ආරක්ෂාව පමණක් හිමිවන බවකි. අනෙකුත් කිසිදු වරප්‍රසාදයක් හිටපු ජනාධිපතිවරුන්ට හිමි නොවන බව එහිදී කියැවිණි. එය එකල හැඳින්වූයේ චන්ද්‍රිකාට එරෙහිව ලබාදෙනු ලැබූ තීන්දුවක් ලෙසටය.
අපිට ගෙවන්න බෑ!
කෙසේ වෙතත් 2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු යළිත් වතාවක් සුපුරුදු පරිදි හිටපු ජනාධිපතිවරුන්ට අධිකරණ තීන්දුව ඉක්මවා යමින් වරප්‍රසාද ලැබෙන්නට විය. ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීම සිදුවිය. නමුත් ගෝඨාගේ ජල බිල්පත සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ගෙන ඇති තීන්දුවත් සමග දැන් මහින්දටද වතුර බිල්, ලයිට් බිල් ගෙවීමට සිදුව ඇති බවක් ආරංචිය. බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ එදා මහින්ද චන්ද්‍රිකට කළ දෙය ආපසු කැරකී මහින්දටම පැමිණ ඇතැයි කියාය.










