රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන නඩුවක සැකකාරියකවන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ව්‍යාපාරික කටයුත්තකට විදේශගත වීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.Sri Lanka Latest News
මෙම නඩුව අද(26) කැද වූ අවස්ථාවේ තිළිණි ප්‍රියමාලි ඇතුළු සෙසු සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ලබන 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණි.
සැකකාරියට එරෙහි නඩු තුනක් විවෘත අධිකරණයේ අද කැදවනු ලැබීය.










