• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2022 අතුරු අයවැයේ යෝජනා 24කින් ඉටුකරලා තියෙන්නේ එක් යෝජනාවක් විතරයි! ‌71%ක යෝජනා ගැන රාජ්‍ය ආයතන ‌තොරතුරු දීලා නෑ! සමහර යෝජනා ක්‍රියාත්මක කරන ආයතනවත් ඒවා හරියට දන්නේ නෑ! වෙරිටේ රිසර්ච් අලුත්ම අනාවරණය! I Sri Lanka Latest News

July 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විශාල අර්බූදයක සිටියත් ආණ්ඩුවට වෙනස් වෙන්න වුවමනා නෑ! ආණ්ඩුවේ වගවීම හා විනිවිදභාවය විශාල අනතුරුදායක තැනක! වෙරිටේ රිසර්ච් අලුත්ම හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

2022 අතුරු අයවැයේ රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළම වටිනාකම් සහිත වියදම් යෝජනාවලින් 71% ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බව වෙරිටේ රිසර්ච් හෙළි කරයි.Sri Lanka Latest News

2022 අතුරු අයවැය යෝජනා බොහොමයක් සඳහා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත යටතේ කරන ලද ඉල්ලීම් සඳහා පවා අදාල රාජ්‍ය ආයතන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

වෙරිටේ රිසර්ච් 2017 වර්ෂයේ සිට අයවැය පොරොන්දු ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කරන අතර, මෙසේ තොරතුරු ප්‍රතිෂේප කිරීම 2017 සිට පැවතෙන අඛණ්ඩ ප්‍රවණතාවක් බව එම ආයතනය පවසයි.

2017 – 2021 අතර කාලය තුල අධීක්ෂණයට ලක් කළ වියදම් යෝජනාවලින් සාමාන්‍යයක් ලෙස ගත් කල 38% පමණ යෝජනාවල ප්‍රගතිය තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු අදාළ ආයතන ලබා දී නැත.

පෙර කාල වලට සාපේක්ෂව තොරතුරු හෙළිදරවු නොකළ යෝජනාවලින් වැඩිම ප්‍රතිශතයක් ඇත්තේ 2022 අතුරු අයවැයෙහිය. 2022 අතුරු අයවැය තක්සේරුව මගින් අයවැය කතාවේ දී ඉදිරිපත් කරන ලද වියදම් යෝජනා 24 ක් නිරීක්ෂණය කරන ලද අතර, ඒ සඳහා මුළු වෙන්කිරීම් රුපියල් බිලියන 50.5 කි. ප්‍රගතිය තක්සේරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබෙන්නේ යෝජනා 7ක් සඳහා පමණි. ඒ අතරින් 2022 දෙසැම්බර් 31 වන විට ඉටු වී ඇත්තේ එක යෝජනාවක් පමණක් බව අදාළ තක්සේරුවෙන් අනාවරණය විය.

මෙම සොයාගැනීම් වෙරිටේ රිසර්ච්හි publicfinance.lk වේදිකාව යටතේ පවතින අයවැය පොරොන්දු ඩෑෂ්බෝඩය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු රාජ්‍ය ආයතනය පිළිබඳ පවතින අපැහැදිලිතාව, මෙම යෝජනාවල ප්‍රගතිය දුර්වල වීමට බලපාන ප්‍රධාන හේතුවක් බව මෙතෙක් කල අධ්‍යනයන්ගෙන් පෙනී යයි. මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු ආයතනය වන නමුත් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු රාජ්‍ය ආයතන මොනවාද යන්න පිළිබඳව එම දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් දැනුවත් වී නැත. උදාහරණයක් ලෙස අධික්ෂණය කල යෝජනා 24න් 17ක් ක්‍රියත්මක කිරීමට වගකිවයුතු ආයතන බවට ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති ආයතන, එම යෝජනා ක්‍රියාත්මක කිරීම තමන් සතු වගකීම නොවන බවට පවසා සිටියේය.

මෙසේ වීමට කාරණා දෙකක් හේතු විය හැක.

1) රාජ්‍ය මූල්‍ය සම්පත් ඇස්තමේන්තු කිරීම සහ විසර්ජනය කිරීමේ වගකීම දරන ජාතික අයවැය දෙපාර්තමේන්තුව (NBD), මෙම යෝජනා ක්‍රියාත්මක කරන ආයතන මොනවාද යන්න නොදැන සිටීම

2) මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් වගකිව යුතු බව අදාළ රාජ්‍ය ආයතන නොදැන සිටීම වේ. මෙම කාරණා දෙකෙන්ම ඉස්මතු වන්නේ ජනතාවට ලබා දෙන වැය පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ වගවීම සම්බන්ධයෙන් පවතින ඉතා කණගාටුදායක තත්ත්වයයි.

2022 අතුරු අයවැය ඉදිරිපත් කරනු ලැබුවේ නිදහසින් පසු ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන තීරණාත්මක අවස්ථාවකය. එම අයවැය ඉදිරිපත් කිරීමෙන් රජය බලාපොරොත්තු වුයේ රටේ ආර්ථික ගමන් මග වෙනස් කිරීමට අවශ්‍ය පදනම දැමීමය.

රටේ ආර්ථික ගැටළු වලට මුලික හේතුවක් වන්නේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් සහ වගවීමක් නොමැති වීමයි. 2022 අතුරු අයවැය ක්‍රියාත්මක කිරීම පිළබඳ කල මෙම අධ්‍යයනයේ සොයා ගැනීම් වලින් පෙනී යන්නේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පිළිබඳ තවමත් විශාල ගැටළු පවතින බවයි. අර්බුදයට තුඩු දුන් මූලික ගැටලුවට විසඳුම් ලබා නොදී ශ්‍රී ලංකාවට සිය ආර්ථික ගමන් පථයේ තිරසාර වෙනසක් සැබෑ ලෙසම අපේක්ෂා කළ හැකිද යන සැකය මෙම සොයාගැනීම් හරහා මතු වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇති කරගත් කැපවීම් තුළින් දූෂණ අවදානම අවම කිරීම සහ දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා මූල්‍ය කළමනාකරණය පිළිබඳ විනිවිදභාවය ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය කර ඇත. රජය මහජන මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ විනිවිදභාවය වැඩි කිරීම මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගත හැකි තීරණාත්මක පියවරකි.

SendShareShare
Previous Post

කෝටි ගණනින් වංචා කරපු නඩුවේ තිලිණි ප්‍රියමාලි රට යන්න ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

ෂුවර් නැති තැන්වල සල්ලි දාන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නේ නෑ! අන්න කුරුණෑගල ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් අයිතිකාරයා කෝටි 900ක සල්ලි අරන් පැනලා ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.