• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඇයි මෝදි රනිල්ට එන්න කියන්න අවුරුද්දක් කල්ගත්තේ? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

July 22, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය තියන්න! ඉන්දීය අගමැති ජනාධිපති රනිල්ට දැනුම් දීලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ රාජ්‍ය නායකයෙක් පත්වුණාම ඉස්සෙල්ලාම යන රාජ්‍ය නිල සංචාරය ඉන්දියාවය. ඉන්දියාවත් ඒ සම්ප්‍රදාය දැන් ලංකාවේ රාජ්‍ය නායකයෙක් පත්වූ විට ඉන්දියාවට එන්න නිල ආරාධනාවක් කරනු ලබයි. ඒත් රනිල් ජනාධිපති ලෙස පත්වූ විට ඉන්දියාව රනිල්ට එලෙස නිල ආරාධනාවක් කළේ නැත. ඒ තියා ඉන්දීය අගමැති මෝදි රනිල්ට සුබ පැතුවේද නැත. සාමාන්‍යයෙන් ලංකාවේ රාජ්‍ය නායකයෙක් පත්වූ විට පළමුව සුබ පැතුම් පළ කරන්නේ ඉන්දියාවය. මෝදි, රනිල්ට සුබ පැතුවේ මාස කිහිපයකට පසුවය. රනිල් ඉන්දියාවට යන්නේත් ඔහු ජනාධිපති වී වසරකට පසුවය.Sri Lanka Latest News

ඇයි ඒ…?

එයට හේතුව රනිල් සම්බන්ධයෙන් ඉන්දියාව තුළ තියෙන අපැහැදිලි චිත්‍රයය.

මහින්ද රාජපක්ෂගේම වචනවලින් කියනවා නම් 2015 මහින්දව පරාජය කරන මෛත්‍රී-රනිල් සන්ධානය හැදුවේ ඉන්දියාවය. ඒ කතාව ගෝඨාත් කීවේය. ඒ කතාව ඇත්ත නම් 2015 රනිල් අගමැති වූයේ ඉන්දියාවට පින් සිදුවන්නටය. 2015 ජනාධිපතිවරණය දිනා, මෛත්‍රී මන්ත්‍රී ආසන 50ක්වත් නැති රනිල්ව අගමැති කළේය. ඒ, ජනාධිපතිවරණයට කලින් රනිල් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා චීන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරය අහෝසි කරන බව කීවේය. ඒත් රනිල් අගමැති වී වසරකින් වරාය නගරය යළි හදන්න පටන් ගත්තා පමණක් නොව, රාජපක්ෂලාවත් නොකළ දෙයක් කරමින් රනිල් හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේය. ඉන්දියාවට සිද්ධ වුණේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩාවැටුණා වගේ සිද්ධියකි. 2018 පුංචි ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු මෝදි මහින්ද සහ නාමල්ට ඉන්දියාවට ආරාධනා කර ලොකු වෙල්කම් එකක් දුන්නේ රාජපක්ෂලා යළි බලයට ආවට ඉන්දියාවට ප්‍රශ්නයක් නැති බව පෙන්වමිනි. මෛත්‍රී ජනාධිපති වූවාට පසු මෝදි ලංකාවට ආ පළමු සංචාරයේදී මහින්දට මෝදි හමුවීමට ඇපොයින්මන්ට් එකක් ගන්න ලොකු උත්සාහයක් දරන්න සිදුවිය. ඒ වෙලාවේ මහින්දට සහ බැසිල්ට මෝදි හමුවට ගෝඨාව ගෙන යෑමට අවශ්‍ය විය. හේතුව ඉන්දියාව මහින්ද එක්ක අමනාප වූයේ කොළඹ වරායට චීන සබ්මැරීන්වලට එන්න දුන්න නිසා බවත්, ඒ මෝඩ වැඩේ කළේ ගෝඨා නිසාත්, ගෝඨා ඉන්දියාවේ හතුරෙක් නොවන බව පෙන්වන්න රාජපක්ෂ පවුලට ඕනෑ විය. ගෝඨාව ගෙන්වා ගැනීමට අවසර ලැබුණේත් ලොකු පෙරැත්ත කිරීමකින් පසුවය. එහෙම තිබියදී 2018 පුංචි ඡන්දය දින්නාට පසු මෝදි එවක නිකම්ම නිකම් මන්ත්‍රීවරයෙක් වූ මහින්දට ලොකු වෙල්කම් එකක් දුන්නේය. නාමල්ද මහින්ද එක්ක මෝදි හමුවෙන්න ඉන්දියාවට ගියේය. මේකට හේතුව රනිල් හම්බන්තොට වරාය චීනයට බදු දීම නිසා ඉන්දියාව තුළ හටගත් කම්පනයය.

මෝදි මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ තෙවරක් ලංකාවට ආවේය. ඒ ආපු වාර තුනේදීම මහින්ද මෝදිව හමුවිය. මහින්ද, මෝදිව හමුවූ ඒ අවස්ථා තුනේදීම මහින්ද ඉන්දියාවට ගොස් මෝදි හමුවූ විටදීත් මහින්ද මෝදිට කියන්න ඇත්තේ එකම එක කතාවකි. ඒ කතාව වචන වුණත් මේ විදියට කියන්න පුළුවන.

‘රනිල් කළේ අපි නොකරපු දෙයක්. අපි අපේ දේවල් චීනයට විකිණුවේ නැහැ. රනිල් ඒක කළා. රනිල් චීනය විතරක් නෙවේ ඇමෙරිකාව, බටහිර රටවල් මෙහෙ ගෙනැල්ලා දාගෙන ඉන්දියාවට ලොකු අනතුරක් කරනවා…’

මහින්ද මෝදිට අනිවාර්යයෙන්ම මේ වචන මතුකරන්න ඇත. එතකොට රනිල් අගමැතිව සිටියදී මෝදි හමුවිය. ඊට පෙර 2015ට කලින් විපක්ෂ නායකව සිටියදී රනිල් මෝදිට දුරකතනයෙන් කතාකර ඇත. ඒ වෙලාවල රනිල් මෝදිට මෙන්න මේ කතාව කියන්න ඇත.

‘රාජපක්ෂලා මේ රට චීනයට ඇදගෙන යනවා. රාජපක්ෂලාට ඕනෙ ලංකාව චීන කොලනියක් කරන්න. මේකට ඉඩ දෙන්න එපා….’

මේ, රනිල් 2015ට කලින් මෝදිට දුරකතනයෙන් කිව්වාය කියා හිතන්න පුළුවන් කතාවය.

‘තෙල් ටැංකි බදු දෙන්න ඔක්කොම ලැහැස්තියි. ඒත් රාජපක්ෂලා රටේ ලොකු ඉන්දීය විරෝධයක් හදනවා. මේක පිටිපස්සේ චීනය ඇති….’

මේ, රනිල් 2015 අගමැති වෙලා කිහිප වරක්ම මෝදි හමුවූ විටදීද කිව්වාය කියලා හිතන්න පුළුවන් කතාය.

වැඩි කල් නැත. රනිල් ජනාධිපති වුණේ 2022 ජූලි මාසයේය. 2021 ජූලි මාසයේ කොළඹ වරාය නගර පනත පාර්ලිමේන්තු ආ වෙලාවේ රනිල් කිව්වේ වරාය නගර පනතින් ප්‍රභාකරන්ට ඊළම දුන්නා වගේ වරාය නගරය චීනයට දෙන්න යනවා කියාය.

මේ විදියට රනිල් රාජපක්ෂලාට එරෙහිවත්, රාජපක්ෂලා රනිල්ට එරෙහිවත් ගතු කිය කියා ඉඳලා එක පාරටම රාජපක්ෂලා රනිල්ව ජනාධිපති කොට රනිල් අරගලය මර්දනය කොට රාජපක්ෂලා ආරක්ෂා කළ විට මෝදිට තරු පෙනීම පුදුමයක් නොවේ. ඒ මදිවාට යුවාන් වැන්ග් චීන ඔත්තු බලන නැව ඉන්දියාවේ විරෝධය මැද ලංකාවට ආවේත් රනිල් ජනාධිපති වූ විගසය.

‘දැන් මෝදි කාවද විශ්වාස කරන්නේ? රනිල්වද? රාජපක්ෂලාවද?

බලන් ගියාම රනිල් සහ රාජපක්ෂලා යන දෙගොල්ලොම මෝදිවත්, ඉන්දියාවත් අන්දවලාය. රනිල් බලය ගන්න ඉන්දියාව පාවිච්චි කළා සේ රාජපක්ෂලා බලය ගන්නත් ඉන්දියාව පාවිච්චි කොට ඇත. අනික රනිල් සහ රාජපක්ෂලා අතර ඩීල් එක කලක සිට තියෙන එකක් බව මෝදිට නොතේරෙන්න මෝදි මෝඩ නැත. ඉතින් රනිල්ට ඉන්දියාවට එන්න කියන්න මෝදි අවුරුද්දක් කල් ගත්තේ මේ යෝධයා එන්නේ මොකාටද කියලා හිතාගන්න බැරිව විය යුතුය.

‘මේ යෝධයාට මිනිහාගේ පරම හතුරා රාජපක්ෂලාගෙන් ජනාධිපතිකම ගන්න ඩීල් දමන්න පුළුවන් නම්, මිනිහා අපේ හතුරෝ එක්ක මොන මොන ඩීල් දමයිද…?’

ඉන්දියාවටත් මෝදිටත් තියෙන්න ඇත්තේ ඒ ප්‍රශ්නයය. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්දියාවට පෙන්වන්න රනිල්ට අවුරුද්දක්ම ගතවෙන්න ඇත.

‘ඒත් ඉන්දියාව රනිල්ව විශ්වාස කරයිද…?’

ඉන්දියාවට රනිල් ගැන ඇත්තේ ප්‍රශ්න දෙකකි. එකක් නම් ඉන්දියාවේ හයියෙන් අගමැති වී 2017 චීනයට හම්බන්තොට වරාය බදු දීම සහ ඉන්දියාව හරහා නොගොස් කෙළින්ම ඇමෙරිකාව එක්ක ගනුදෙනු කරන්න යෑමය. රනිල්ට කලින් ජනාධිපති වූ ගෝඨාභය ජනාධිපති වී ඉන්දියාවේ විශ්වාසය අකුරටම දිනාගත්තේය. ඔහු චීනයට පල නොකියා පලා බෙදුවේය. වෙනකක් තබා චීනය ගෝඨාභයට එරටට එන ලෙස කළ නිල ආරාධනාව ගෝඨා තඹ සතයකට ගණන් ගත්තේ නැත. ඒ වගේම ඉන්දියාවේ තවත් හතුරෙක් වන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ලංකාවට ආ විට පාර්ලිමේන්තුව අමතන්න කැමැත්තෙන් සිටියත් ගෝඨා ඒකත් බකල් කළේය. රනිල් ජනාධිපති වී චීන ඔත්තු නැවට එන්න දීමෙනුත් පාකිස්තාන අගමැති කියන විදියට පාකිස්තානයට අයි.එම්.එෆ්. ලෝන් එක ගන්න උපදෙස් දී තමන් ගෝඨා නොවන බව ඉන්දියාවට පෙන්වා දී ඇත. හැබැයි ඉන්දියාව අයි.එම්.එෆ්. ණය ගන්න ලංකාවට උදව් කළේ නැතිනම් රනිල් ඉවර වෙලා ගොඩක් කල්ය.
රනිල් ඊළඟ අයි.එම්.එෆ්. ණය වාරිකය ගන්න, ණය ප්‍රතිව්‍යුහගත කරගන්න චීනය අවශ්‍යය. රනිල්ට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඉන්දියාවත් අවශ්‍යය. හැබැයි රාජක්ෂලා අන්දලා ජනාධිපතිකම ගත්තා වගේ චීනයයි ඉන්දියාවයි අන්දන එක නම් රනිල්ට ලේසි නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සංචාරක ආකර්ෂණය තියෙන වෙරළ තීර 24ක් දෙනවා! කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා! දෙන ලිස්ට් එක ඇමැති අරුන්දික කියාගෙන යයි! Sri Lanka Latest News

Next Post

13 ගැන කතා කරන්න රනිල් සර්වපාක්ෂික හමුවක් කැඳවන්න තීන්දු කරයි! Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.