• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිලුයි-මෝදියි එක මේසෙ ඉඳගෙන කතා කළේ මොනවාද? PHOTOS I Sri Lanka Latest News

July 21, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
රනිලුයි-මෝදියි එක මේසෙ ඉඳගෙන කතා කළේ මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ප්‍රගතිය ඉන්දීය නිල සංචාරයේ නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් විය. ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රටවලට සහ ඉන්දියානු සාගර කලාපයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවද ඔහු අවධාරණය කළේය.Sri Lanka Latest News

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අතිදුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට, ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළකරන බව ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය මංගල ඉන්දීය සංචාරයේ නිරත ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය, තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කරගැනීම සඳහා වූ තම කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් තහවුරු කරයි. ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මඟතාවකට පැමිණෙන ලෙස සිදුකළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.

ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ හරහා දැනටමත් රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දූත මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලින් පසුව, ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය රට තුළ මෙන්ම බාහිර පාර්ශ්වයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී තිබේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා කෙරෙහි අවධානය යොමුකළ ජනාධිපතිවරයා, දෙරට අතර සබඳතා වැඩිදියුණු කරන අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරීත්වයක වැදගත්කම අවධාරණය කළේය. එය දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වීමට හේතු වනු ඇති බවද පැවැසීය.

ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා නූතන සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව පැවැසූ ජනාධිපතිවරයා මෑතකදී චෙන්නායි සහ යාපනය ගුවන් සේවා නැවත ආරම්භ කිරීම දෙරට අතර ගුවන් සම්බන්ධතාවයේ වැදගත් පියවරක් බව පැවැසීය. දෙරට අතර ගුවන් සේවා සහ යාත්‍රා සේවා වැඩිදියුණු කිරීමට එකඟත්වයක් ඇති බවත්, එය සංචාරක හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික වර්ධනයටද ඉවහල් වන බව ජනාධිපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා පවත්වා තිබේ. ශ‍්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමුකර ඇත.

හරිත සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මත පදනම් වූ ඉන්දු-ලංකා සබඳතා ශක්තිමත් කිරීම සහ අනාගතය වෙනුවෙන් දෙරට අතර විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේ අරමුණයි. පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාව සඳහා වන අන්තර් සහයෝගිතා ගිවිසුම මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විමාර්ගික විදුලිබල වෙළෙඳාම සහ කලාපීය ස්ථිරසාර සංවර්ධනය මත පදනම් වූ ආර්ථික සහයෝගිතාවක් වෙනුවෙන් පහසුකම් සළසනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට සහ පුළුල් කිරීමට සිය ඉන්දීය සංචාරය ඉතා වටිනා අවස්ථාවක් සලසා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. තරගකාරී ලෝකය තුළ අන්‍යොන්‍ය සමෘද්ධිමත්භාවය ළඟා කරගැනීම සඳහා දෙරට අතර පවතින ශක්තිමත් භූගෝලීය සහ ශිෂ්ටාචාරමය සබඳතා සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගිතාවයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපන ආයතන බිහි කිරීම තුළ දැනුම සහ කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රී ලාංකික තරුණ පරපුරක් බිහිකිරීම මගින් රටේ ජාතික සංවර්ධනයට ලබාගත හැකි සක්‍රීය දායකත්වය පිළිබඳවද අවධාරණය කළේය.

තලෙයිමන්නාරම – රාමේෂ්වරම් සහ නාගපට්ටිනම් – කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම දෙරට අතර නාවික ගමනාගමනය තව දුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනය පිළිබඳ නව මංපෙත් ගවේෂණය කිරීම දෙරටේ ආර්ථික වර්ධනය තව දුරටත් උත්ප්‍රේරණය කරනු ඇති බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේනද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා පවත්වා තිබේ. ශ‍්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු කර ඇත.

SendShareShare
Previous Post

තමන්ට ලැබුණු ලක්ෂ 31ක තෑග්ගෙන් පාසලට පුස්තකාලයක් තිළිණ කළ රටක් වටින විදුහල්පති!

Next Post

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය හරියටම දවල් 2ට කතානායකට බාර දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.