වසර ගණනාවක් පුරා වතුකම්කරුවන් ලෙස හඳුන්වන උඩරට වැඩ කරන ප්‍රජාව මෙරටට විදේශ විනිමය ගෙන ඒමට විශාල වැඩකොටසක් ඉටු කළත් ඔවුන් සිටින්නේ අඩු පහසුකම් යටතේ බවත් නිසි පරිදි ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් පාසල් වෙත ළඟාවීමට විශාල වෙහෙසක් දැරිමට සිදුවන බවත් ඊට අමතරව අඩු සෞඛ්‍ය පහසුකම් පවා ඔවුන්ට හිමි බැවින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් ඔවුන් දුගී භාවයෙන් මුදවා ගැනීමටත් රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
වතු කම්කරුවන්ගේ අවම වැටුප ලෙස රුපියල් 1000 ලබා නොදෙන සමාගම් කවරේද? එසේ නොදීමට ඔවුන් සඳහන් කරන හේතු කවරේද? මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කවරේද? රාජ්‍ය පෞද්ගලික සහ අනුබද්ධිත වතු සමාගම් විසින් වතුකම්කරුවන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට සහ බාරකාර අරමුදලට ලබා දිය යුතු මුළු හිඟ මුදල කොපමණද? ආදී වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න රැසක් රජයට යොමු කර සිටියේය.
විපක්ෂ නායකවරයා මේ ප්‍රශ්න යොමු කර සිටියේ අද (19) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ වතුකම්කරු ප්‍රජාවගේ මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමිනි.
එහි දී විපක්ෂ නායකවරයා විසින් වතු කම්කරුවන් එම නාමයෙන් හඳුන්වනවාට වඩා උඩරට වැඩ කරන ප්‍රජාව ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බව ද තවදුරටත් අවධාරණය කළේය.










