• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දූෂණ විරෝධී පනතට ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු විරුද්ධයි! විපක්ෂයේත් සමහරු විරුද්ධයි! අධිකරණ ඇමැති හෙළිකරන දූෂණයට කැමැති මන්ත්‍රීවරු කව්ද? Sri Lanka Latest News

July 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ද්විත්ව පුරවැසිකම ඉවත් කිරීම මගේ යෝජනාවක් නෙමෙයි! පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීතියෙනුත් ද්විත්ව පුරවැසි බව ඉවත් කරන්න පුලුවන්!
Share on WhatsAppShare on Facebook

දුෂණය අවම කිරීම සඳහා නව දුෂණ විරෝධි පනතක් ගෙන ආ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. එහෙත් ඊට විපක්ෂයේ සමහරු පක්ෂ අතර සමහරු විපක්ෂ බවයි ඔහු කියන්නේ. ඒ සමඟම ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුද ඊට විරුද්ධ බවයි අමාත්‍යවරයා පවසන්නේ.Sri Lanka Latest News

“පසුගිය මාස කිහිපය තුළ පනත් 30 කට වඩා වැඩි සංඛ්‍යාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සංශෝධනය කළා. අද අධිකරණ ක්ෂේත්‍රය තුළ ව්‍යාජ ඔප්පු සම්බන්ධ නඩු දහස් ගණනක් තිබෙනවා. ඒ සම්බන්ධව පවතින නීති අපි සංශෝධනය කළා. මේ රටේ සිදු වූ අල්ලස් හා දුෂණ වැළැක්වීමේ අරමුණින් යුතුව අල්ලස් හෝ දුෂණ විරෝධි කොමිෂන් සභාව ස්ථාපිත කළා. එම කොමිෂන් සභාව ප්‍රමාණවත් නැහැ කියලා ජනතාව ප්‍රකාශ කළා.

අල්ලස් කොමිෂන් සභාව තිබෙන්නේ මෝරු අල්ලන් නෙමෙයි, හාල්මැස්සන් අල්ලන්න කියලා මතයක් පවතිනවා. ඒ නිසා අපි දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙනාවා. ඒ පනතට සමහරු පක්ෂයි, සමහරු විපක්ෂයි, ආණ්ඩුවේ ඉන්න සමහර අයත් පක්ෂයි, සමහරු විපක්ෂයි, විපක්ෂයේ ඉන්න අය සාමාන්‍යයෙන් දුෂණයට විරුද්ධයි. නමුත් ආණ්ඩු පක්ෂයට ආවහම ඒ විරෝධය නැතිව යනවා.

අපි ආණ්ඩුවේ ඉදන් දුෂණ විරෝධි පනත ගෙනාවා, දේශපාලඥයින් දුෂිතයි, රාජ්‍ය නිලධාරීන් දුෂිතයි කියලා මුළු රටම කථා කරනවා. නමුත් ඒ වෙනුවෙන් කරන්න ඕන විකල්පය කුමක්ද කියලා කිසිම කෙනෙක් කථා කරන්නේ නැහැ. දේශපාලඥයින්ට තනතුරු සදහා එන්න තිබෙන ක්‍රමයම දුෂිතයි. මේ රටේ මැතිවරණ ක්‍රමය දුෂිතයි. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අපි උත්සාහ කරනවා. ඒ සදහා මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත අපි ගෙනාවා. විවාදයට ගන්න කොට සියලු දෙනා පක්ෂව කථා කළා. නමුත් පාර්ලිමේන්තු ඡන්දයේ දී විපක්ෂය විරුද්ධ වුණා.

අපි දුෂණ විරෝධි පනත් කෙටුම්පත දින දෙකක් විවාද කළා. දැන් තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව තිබෙනවා. පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව යම්කිසි මහජන නියෝජිතයෙක් අවංකවම ජනතාවට සේවය කරන්න මන්ත්‍රි ධුරය ලබා ගෙන තිබෙනවා නම් මේ පනතට විරුද්ධ වෙන්න බැහැ. හැමෝම කියනවා ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියලා. අපි ඒ ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරමින් ඉන්නේ.

අපේ රටේ මහාධිකරණවල නඩු 29,700 ක් පවතිනවා. ඉන් 9800 ක් ඒ කියන්නේ සීයයට 33ක් ස්ත්‍රි දුෂණ සහ ළමා අපචාර සම්බන්ධ නඩු. ඒ පිළිබදව අපි ලෝකය ඉදිරියේ ලැජ්ජා විය යුතුයි. අපරාධ සිදු වු විට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපි ඊටත් වඩා සිදු කළ යුතු වන්නේ අපරාධ සිදු වීම වළක්වා ගැනීමයි. දැනට ලංකාවේ අධිකරණවල නඩු 112,700ක් තිබෙනවා. එය අධිකරණ පද්ධතියට ඔරොත්තු දෙන තත්වයක් නොවෙයි.

පසුගිය වසර හය තුළ සමථ මණ්ඩල සදහා යොමු වු නඩුත් අධිකරණවලට යොමු වු වා නම් තවත් නඩු ලක්ෂ තුනක්වත් අධිකරණවල ගොඩ ගැහෙනවා. ඒ නිසා සමථකරණ සංකල්පය තවදුරටත් වැඩි දියුණු කරමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට අපි ක්‍රියා කළ යුතුයි. ඉඩම් සම්බන්ධ විශේෂ සමථ මණ්ඩලවල ආරවුල් විසදීමේ ප්‍රතිශතය සීයයට 70ක මට්ටමක පවතිනවා. රුපියල් ලක්ෂ 20ට අඩු මුල්‍ය හිමිකම් පාන නඩු විභාග කිරීම සදහා සුළු හිමිකම් අධිකරණ ස්ථාපිත කර තිබෙනවා. වාණිජ මහාධිකරණවල නඩු විභාග කිරීම ප්‍රමාද බවට විවේචන පවතින බැවින් තවත් වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීමටත්, වාණිජ මහාධිකරණවල නඩු විභාග කිරීම සදහා දැනට පවතින මුල්‍ය සීමාව රුපියල් මිලියන 20 සිට 30 දක්වා ඉහල දැමීමට පියවර ගන්නවා” යි අධිකරණ අමාත්‍යවරයා කියනවා.

SendShareShare
Previous Post

අලුත් කැලණි පාලමේ කෝටි 28ක ඇණ ගලවපු කතාව බොරුවක්! මෙන්න හරියටම ගලවලා තියෙන ‌දේවල් ටික! Sri Lanka Latest News

Next Post

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මගින් අවුරුදු 3ට ලක්ෂ 12කගේ බෝ නොවන රෝග අවදානම පරීක්ෂා කරලා! Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.