• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජුනි මාසයේ ආණ්ඩුව ඉටු නොකළ IMF කැපවීම දෙගුණයකින් වැඩිවෙයි! කරනවා කියපු 3ක් ඉටු කරලත් නෑ! Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Share on WhatsAppShare on Facebook

වෙරිටේ රිසර්ච් ආයතනය ආරම්භ කළ ‘IMF මීටරය’ ට අනුව, 2023 ජුනි මාසය අවසන් වන විට මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් 33ක් ඉටුකර ඇත. 8ක් ඉටුකර නැත.Sri Lanka Latest News

ඉටු නොකළ කැපවීම් සංඛ්‍යාවේ වර්ධනයක්-

ඉටු නොකළ කැපවීම් සංඛ්‍යාව ගෙවුණු මැයි මාසයේ අවසානය සිට සැළකූ විට (අර්ධ වශයෙන් සම්පූර්ණ කළ කැපවීමක් ඇතුළුව) 04ක සිට, 2023 ජුනි මාසය අවසන් වන විට තවත් 04කින් ඉහළ ගොස්, 08ක් දක්වා දෙගුණ වී ඇත. රජය සතු ප්‍රධාන ව්‍යවසායන් (SOEs) ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම, නව දූෂණ විරෝධී නීති පැනවීම, 2022 සඳහා රාජ්‍ය සතු ප්‍රධාන ව්‍යවසායන් (SOEs) 52 හි වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කිරීම සහ ආනයනය සීමා කිරීම් ක්‍රමයෙන් ඉවත් කිරීමේ සැළැස්මක් සකස් කිරීම, ජූනි මාසයේ ඉටුකර නොමැති කැපවීම් 04 වේ.

මැයි මාසය අවසන් වන විට ඉටු කර නොතිබූ කැපවීම් වූයේ, බදු ආදායම රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ දමා ගැනීම, ඔට්ටු සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ දැමීම සහ මහබැංකු පනතට අනුමැතිය ලබාගැනීම යි. මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් මාර්ගගත වේදිකාවක් පිහිටුවීම යන කැපවීම මැයි මාසයේ අවසානය වන විට පැවතියේ අර්ධ වශයෙන් ඉටුවූ තත්ත්වයක ය. IMF මීටරය අනුව ජූනි මාසය අවසන් වන විට මෙම කැපවීම්වල තත්ත්වය, මැයි මාසය අවසන් විට පැවති තත්ත්වයෙන් වෙනස්ව නැත.

IMF මීටරයට අනුව ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්, ක්ෂේත්‍ර දෙකක් සම්බන්ධයෙන් අසාර්ථක වී ඇති බවක් පෙනේ. එ්වා වන්නේ නීති සම්මත කිරීම සහ තොරතුරු බෙදා හැරීමයි.

මාර්තු සහ ජූනි අතර කාලය තුළ රටට වැදගත් නීති 3ක් පැනවීමට ආණ්ඩුව කැපවී සිටියේ ය: ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරීම, ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක කිරීම සහ නව දූෂණ විරෝධී පනත සම්මත කිරීම මෙම නීති 3 වේ.

මෙම නීතිවලට අදාළ පනත් කෙටුම්පත් මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පිළිවෙලින් 2023 අප්‍රේල් 4, මාර්තු 7 සහ අප්‍රේල් 27 යන දිනවල ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත්, මෙම කෙටුම්පත් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා දීම සහ ඒවා බලාත්මක කිරීම තවමත් සිදු කර නැත.

තොරතුරු බෙදා හැරීම සැළකූ විට එම ක්ෂේත්‍රයට අදාළ මූලික කැපවීම් 03ක් ඉටුව නැත.

පළමුවැන්න වන්නේ මාර්ගගත ක්‍රමයට මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් වේදිකාවක් පිහිටුවීම යි. මෙම වේදිකාවේ අපේක්ෂිත අරමුණ වන්නේ (i) සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු, (ii) ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති බදු නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබන සමාගම්වල නම් ලැයිස්තුවක් සහ (iii) සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම්වලට යටත්වන පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ තොරතුරු අර්ධ-වාර්ෂිකව ප්‍රකාශයට පත් කිරීමයි.

දෙවැන්න 2022 දක්වා රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52ක වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කිරීම යි. විසින් මෑතක දී, කරන ලද අධ්‍යනයකින් හෙළි වූයේ රජය සතු ව්‍යවසායන් 52න් 11ක් පමණක් 2022 දක්වා ඔවුන්ගේ වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කර ඇති බවයි.

තුන්වැන්න වන්නේ ආනයන සීමා ඉවත් කිරීමේ සැළැස්මක් ප්‍රකාශයට පත් කිරීම යි. එයද, ඉටුකර නැත.

තොරතුරු නොමැති වීමද කනගාටුවට කරුණකි. ජුනි මස අවසානය වන විට, හඳුනාගත් කැපවීම්වලින් 14%ක ප්‍රගති තත්ත්වය මීටරය විසින් “නොදනී” ලෙස වර්ගීකරණය කර ඇත. මෙයින් අදහස් කරන්නේ තක්සේරුව සිදු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු නොතිබූ බව වේ. මැයි මාසය අවසන් වන විට නොදනී කාණ්ඩයේ පැවති කැපවීම්වල ප්‍රතිශතය 6%ක් විය. ජූනි මාසය අවසන් වන විට එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇත.

වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව, IMF වැඩසටහනේ කාලීන ප්‍රගතියෙන් රටට ලැබෙන වාසි දෙකකි. පළමුවැන්න නම්, කැපවීම් ඉටුකිරීම හරහා (සියල්ලගෙන්ම නොවුනද) රටට ලැබෙන ප්‍රතිලාභයන්ය. දෙවැන්න නම්, කැපවීම් ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්වා දීමෙන්, රටේ පාලනය කෙරෙහි විශ්වාසය වැඩිදියුණු කිරීම හරහා අතීත ණය බර ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනාගත ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමන කඩිනම් කිරීම සඳහා වන සාකච්ඡාවලට උපකාරයක් වීමය.

IMF මීටරය යනු 2023 ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යැවූ අභිප්‍රාය ලිපිය ප්‍රකාරව, එම අරමුදලේ අනුමැතිය හිමිවූ ණය වැඩසටහනේ, හඳුනාගත් කැපවීම් 100ක ප්‍රගතිය මනින ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වේදිකාවයි.

ශ්‍රී ලංකා රජයට, ජනතාවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, වැඩසටහනේ අන්තර්ගත කැපවීම්වල ප්‍රගතිය මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ නිරීක්ෂණය කිරීම සඳහා සහය ලබාදීමක් වශයෙන් මෙම වේදිකාව නිර්මාණය කර ඇත.

SendShareShare
Previous Post

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

Next Post

ඩොලරය දිගටම නගින්න ගනී! ලොකු ආර්ථික අර්බූදයක පෙරනිමිත්තක්ද? Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කිව්වෙ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පාස්කු ප්‍රහාරයේ ෆයිල් යට ගහපු, ෆයිල් හංගපු බුද්ධි අංශ වාර්තා හංගං හිටපු නිලධාරීන්ව ආරක්ෂා කරලා...

Read more
මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කිව්වෙ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කිව්වෙ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.