පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී මියගිය චමෝදි සංකල්පනීට එන්නත් කළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මහනුවර ජාතික රෝහලේදී ලබාගත් දෙදෙනකුට ද ආසාත්මිකතා මතු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ හේතුවෙන් එම ප්‍රතිජීවක ඖෂධ තොගය පේරාදෙණිය සහ මහනුවර ජාතික රෝහල යන රෝහල් දෙකෙන් තාවකාලිකව ඉවත් කළ බවත් ආසාත්මිකතාවලට පත්වූ රෝගීන් හොඳින් සිටින බවත් ඒ මහතා කීවේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් මහනුවරට පැමිණ පේරාදෙණිය ශික්ෂණ රෝහල, බණ්ඩාරනායක ළමා රෝහල, දන්ත රෝහල සහ මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව අවධාරණය කළේය .










