• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙනෙහසේ ගං ඉවුර බිඳලා… අම්මා සමුගෙන ගිහිල්ලා… හිතේ හයියට අම්ම වෙනුවෙන්… පුතා පිටියට ඇවිල්ලා I Sri Lanka Latest News

July 13, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලිපිය පටන් ගනිද්දිම අපට සිද්ධ වෙනවා අත්පුඩි ගහන්න. මුලින්ම අපි අත්පුඩි ගහන්න ඕනේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය ලබන හේෂාන් රන්දිමාල්ට. ඉන් පස්සේ අපි අත්පුඩි ගහන්න ඕනේ කොළඹ තියෙන කීර්තිමත් පාසලක් වෙච්ච ඉසිපතන විද්‍යාලයට.(Sri Lanka Latest News)

ඒකට හේතුව ශාන්ත ජෝෂප් කණ්ඩායම සහ ඉසිපතන කණ්ඩායම අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ පැවැති රගර් තරගයේ ලකුණු 28ට 18ක් ලෙස ජයගැනීම නෙවෙයි. මේ වාරයේ තවමත් අපරාජිතව ඉන්න ඉසිපතන විද්‍යාලය මේ වතාවේ මේ කියන්න යන කතාවත් එක්ක අපරාජිතව විතරක් නෙවෙයි, කිසි කෙනකුට විශ්වාස කරන්න බැරි අද්විතීය දරුවෝ ඉන්න පාසලක් බවට පත්වෙයි කියලා අපි හිතනවා.

රන්දිමාල් කියන්නේ ඉසිපතන විද්‍යාලයේ ඉන්න දක්ෂ රගර් ක්‍රීඩකයෙක්. ඔහුට විශාල ශරීරයක් හිමි නොවුණත් වේගයෙන් දුවගෙන ගිහිල්ලා ට්‍රයි එකක් තියන්න පුළුවන් විදියේ ක්‍රීඩකයෙක්. රන්දිමාල් පහුගිය 30 වැනිදා තිබුණු රගර් තරගයටත් සහභාගි වෙච්ච ක්‍රීඩකයෙක්.

හැබැයි මේ හැම දේම එක්ක කියන්න ඕනෙ කතාවක් තියෙනවා. ඒ තමයි රන්දිමාල් පහුගිය 30 වැනිදා තරගයට සහභාගි වුණේ ලේසි පහසු විදියට නෙවෙයි. ඒකට හේතුව 30 වැනිදා වෙනකොට රන්දිමාල්ගේ මව මියගිහිල්ලා ඇගේ මෘත දේහය මල් ශාලාවක තැන්පත් කරලා තිබුණේ.

මේ කතාවේ වඩාත් සවිස්තරාත්මක කොටස අපි දන්නේ නෑ. කොහොම නමුත් අපි හොයාගත්ත විදියට හේෂාන් රන්දිමාල් රගර් ක්‍රීඩකයෙක් බවට පත්කරන්න මේ අම්මා මහන්සි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් රන්දිමාල්ගේ තරග බලන්න මව නිතරම සහභාගි වුණු බවත් සඳහන් වෙලා තියෙනවා. ඒත් අවාසනාවකට රන්දිමාල්ගේ මව මියගිහිල්ලා ඇගේ කටයුතු යෙදිලා තිබුණේ පහුගිය 02 වැනිදාට.

මේ දවස වෙනකොට රන්දිමාල්ගේ මව කිසිවක් නොකියාම මෘත දේහයක් බවට පත්වෙලා මල් ශාලාවක මිනී පෙට්ටියක් ඇතුළේ තියලා තියෙනවා. රන්දිමාල්ට වෙනදා තරගවලට යන්න කලින් සියල්ල ලෑස්ති කරලා දුන්නු අම්මා, තරග බලන්න ආපු අම්මා, හැම දාම ළඟින් හිටපු අම්මා, පාර කියපු අම්මා මේ විදියට මියගිහිල්ලා තියෙන වෙලාවේ ඉස්කෝලෙ වෙනුවෙන් තරගයට සහභාගි වෙන්න පුළුවන්ද කියන එක අපිට එක පාරක් දෙපාරක් නෙවෙයි ලක්ෂ වාරයක් හිතුවත් දෙන්න තියෙන උත්තරය තමයි එහෙම නම් බෑ කියන එක. ඔහුගේ හිත කොච්චර හයියද කියන එක අපි දැක්කේ ඔහු මේ රගර් තරගයට සහභාගි වුණු අවස්ථාවේ.

ඉසිපතන රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් රගර් දන්න අය කියන කතාවක් තමයි ලංකාවේ රගර් ක්‍රීඩා කරන පාසල් අතරින් පුංචි ශරීර සහිත ක්‍රීඩකයෝ අරගෙන, ඒ අයව පාසල ගැන, ක්‍රීඩාව ගැන උනන්දුව ඇති කරලා තරග ජයග්‍රහණය කරන්න පුළුවන් පාසලක් විදියට ඉසිපතනය ප්‍රසිද්ධයි. ඉසිපතනය කියන්නේ විශාල ශරීර සහිත අයත් එක්ක ගිහින් රගර් මැච් ගහපු කණ්ඩායමක් නෙවෙයි කියලයි අපි ඉස්සර අහලා තිබුණේ.

කොහොම නමුත් රන්දිමාල් මේ තරගයට සහභාගි වෙනවා. ඒ විතරක් නෙවෙයි පළමු උත්සාහක දිනුම ලබාගන්නත් සමත් වෙනවා ඉසිපතනය වෙනුවෙන්. ඉන් අනතුරුව ඔවුන් තරගය අවසන් කරලා මේ අම්මට අවසන් ගෞරව දක්වන්න එනවා.

ඒකෙ තියෙන ලස්සන සිදුවීම වෙන්නේ මේ විදියට අවසන් ගෞරව දැක්වීම සඳහා ශාන්ත ජෝෂප් විද්‍යාලයේ රගර් කණ්ඩායමත් සහභාගි වීම. ඒ තරගය තිබුණේ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර නේ.

කොහොම නමුත් තමන්ගේ ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ගේ මව මියගිහිල්ලා කියලා දැනගත්තාම ඔවුනුත් ඒ අවසන් කටයුතුවලට සහභාගි වෙනවා. තරගයකින් පස්සේ ගැටුමකින් තොරව ඒ තරගය නිමා කරගන්න යම් කණ්ඩායමක් සමත් වෙනවා නම්, ඒකත් ඇත්තටම රගර් ක්‍රීඩාවේ ජයග්‍රහණයක්. මේ විදියට කිසිම ගැටලුවකින් තොරව රගර් තරගය නිමා කරගන්නට ඒ කණ්ඩායමට පුළුවන් වෙනවා. ගැටුමක් නෙවෙයි, ඉතා හෘදයාංගම කටයුත්තක් තමයි ශාන්ත ජෝෂප් විද්‍යාලය විසින් සිදුකරන්නේ.

අද ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තියෙද්දිත් ලෝකෙ එක එක රටවලට ගිහින් එක එක තරගවලට සහභාගි වෙන ක්‍රීඩකයෝ ඉන්න රටක, තමන්ගේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම පැත්තක තියලා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරපු රටක මේ විදියේ ක්‍රීඩකයෝ බිහිවීම ඉතාම වාසනාවක්. ඉස්සර නම් රගර් ක්‍රීඩාව තිබුණේ සමහරුන්ගේ බූදලයක් බවට පත්වෙලා. දැන් එහෙම නැති නිසා මේ තරුණ කොල්ලට රගර් ක්‍රීඩාවෙන් සුබ අනාගතයක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා.

ලෝකෙ ඉතා ප්‍රචලිත ක්‍රීඩාවක් තමයි රගර්, ලංකාවේ එහෙම ප්‍රසිද්ධ නොවුණට. කොහොම නමුත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඉදිරි තරගවලදී ඉසිපතනයේ ජයග්‍රහණය. ඒ විතරක් නෙවෙයි ඉසිපතනය වෙනුවෙන් අපේ කතානායකයාගේ දක්ෂතා ඉදිරිපත් වෙන්නේ මොන විදියටද කියලා හොයලා බලන්නත් අපි මෙතැන් සිට සූදානම්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඇමැති සනත් නිශාන්තගේ කටහඬ පරීක්ෂා කරන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න සරසවියම විනාශ කර ආව නේද බලන්න I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.