එළඹෙන මහමැතිවරණයේදී වෙනම සන්ධානයක් ලෙස තරග වැදිය යුතු බවට වූ අවසන් තීන්දුව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (24) දිනයේදී ගෙන ඇති බව වාර්තා වේ.
අද සවස ඒ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමග පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වා පැවැති පැය 4ක සාකච්ජාවකින් අනතුරුව ප්‍රේමදාස මහතා මෙම තීන්දුව ගෙන තිබේ.
එහිදී සියලු දෙනාම පාහේ පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් අලියා ලකුණ ඉදිරියට දමමින් මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවකි.
ඒ අනුව තවදුරටත් කාලය නාස්ති කරමින් නොසිට නව සන්ධානය ගොඩනැගීමේ කටයුතු වහාම අවසන් කළ යුතු බවද එහිිදී ඔවුන් පෙන්වා දී ඇත.
ඒ අනුව අවසානයේදී තීන්දු වී ඇත්තේ මෙම සති අන්තයේ සිටම මැතිවරණය සදහා නාමයෝජනා කැදවීමේ කටයුතු ආරම්භ කිරීමටය.
එමෙන්ම සෑම සතිඅන්ත පුවත්පත්වල දැන්වීම් පළ කරමින් මෙම නව සන්ධානය පිළිබදව ජනතාව දැනුවත් කිරීමටත්, සදුදා දිනයේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් තීන්දු වී ඇත.










