• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගැටඹේ හිමියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

February 24, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ගැටඹේ හිමියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය බිහිකිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමි රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබද නිවේදනයක් නිකුත් කර ඇත.

එහි ඇති විශේෂත්වය වන්නේ වර්තමානයේ සිදුවන ඇතැම් කටයුතු දැඩිව විවේචනය කිරීමට උන්වහන්සේ කටයුතු කිරීමය.

උන්වහන්සේගේ ලිපියේ ‌මෙසේද සදහන්ය.

ර්‍ශ‍්‍රී ලංකාව පුරා පසුගිය වකවානුවේ සිදුවු සිංහල බෞද්ධ විරෝධි ද්‍රෝහි ක‍්‍රියාකාරකම් අතර ජාතින් වඳ කිරීම, සංස්කෘතික විනාශය, පුරා වස්තු ඩෝසර් කිරීම හා අකා මකා දැමීමල බුදු පිළිම කඩා බිඳ දැමීමල මහා සංඝරත්නය හා රණවිරුවන් හිරේ විලංගුවේ දැමීම, අපහාස උපහාස කිරීම, වන සම්පත විනාශ කිරීම, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම, රටේ ඉතිහාසය වසන්කිරීම වැනි අන්තවාදීන්ගේ ක‍්‍රියා කලාපයන් හමුවේ බහුතර ජන කොටස බලවත් සේ කම්පනයට පත් වූහ.

එය විසින්ම රටට, දැයට හිතකර පාලකයෙකු පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට ලැබීම ම මෙරට දේශපේ‍්‍රමීන් ලද අති මහත් ජයග‍්‍රහණයකි.

ඉතිහාසයේ ආරම්භක අවධියේ සිටි පෙර රජ දරුවන් අතර පැවති සම්ප‍්‍රදාය වූයේ මෙරට රාජ්‍යත්වයේ උරුමයට බෝසත්වරයෙකුට හැර අන් අයෙකුට හිමි කම් නොමැත්තේය යන්නයි. මෙසේ සටහන් තැබීමෙන් පෙනී යන්නේ මෙරට සිංහල බෞද්ධ රටක් බව ඓතිහාසික පිළිගැනීම බවයි.

වර්තමානයේ මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ බව තහවුරු කරන ලද්දේ අනුරපුර රුවන් වැලි සෑය අභියස දුටු ගැමුණු නරපතිඳුන් ඉදිරියේ බුදු දහම සුරක්ෂා කරන බවට සිදු කළ සපථ කිරීමෙනි.

පසුගිය වකවානුවේ යහපාලනයේ වස මුසු වීමෙන් පණ අදිමින් පැවති සිංහල බෞද්ධ ජන සමාජයට යලි ඔක්සිජන් ලැබීමෙන් නිරුද්ධ වීමට ආසන්නව පැවති ජාතියක් ගලවා ගැනීමේ සැනසුම් සුසුම් හෙළීමට හැකි වී ඇත්තේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම රටට සෙතක් සලසනු ඇතැයි බොහෝ අයගේ අපේක්ෂාවයි. ඔවුනට අහිමි වී ගිය උරුමයන් යළි ලබා ගැණිමේ බලාපොරොත්තු අති විශාලය. එමෙන්ම පැමිණිය හැකි අනාගත උවදුරු වළකාගත හැකි වෙතැයි ද ජනතාව සිතූහ.

ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදිය. ගමන් මගේ ඉලක්කය පැහැදිලිය. ගැටළු සඳහා විසඳුම් ලබා දීමට සැදී පැහැදී ඇත්තේය. එහෙත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැත.

හේතුව ජරා ජීර්ණ දේශපාලනය යළි හොල්මන් කරමින් පැවතමයි. මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකිි.

බල ලෝභීන් විසින් අන්තවාදි සුළුතරය නොමනා ලෙස පෝෂණය කොට අල්ලස් ලබා තරවීමෙන් බහුතරයට වන විපත වටහා ගත නොහැක්කේ මෙම උමතු බල කාමය නිසාවෙනි.

යළි කිසිදා උදා නොවන යුගයක් උදෙසා සටන් කොට අවසන් අපේක්ෂාව ජය ගැනීමේ යුගය උදා වී තිබුණද එය කලි යුගයක ආරම්භය දැයි සැක සිතෙයි. බලයට පත්ව මාස 2 ගත වූවා පමණි. ජාතිය ඇමතූ අතිගරු ජනපතිතුමන්ගේ සෑම කථාවකින්ම අභිමාවත් දේශයක් නිර්මාණය කිරීමට ඇරයුම් ලැබී ඇත්තේය.

එහෙත් කකුලෙන් අදින බලවතුන් ඉදිරියේ පයින්ගසා නැගී සිටීමට නම් අදීන බලයක් ලබා දිය යුත්තේමය. එම අදීනත්වය කරා ගමන්කිරීමට ස්වකීයයන් විසින්ම ගමනට හරස් කපන බව ජනතාවට පෙනී යෑම තුල ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා ප‍්‍රතිචාර දුබල විය හැකි බව තේරුම් ගැනීමට තරම් මොළයක් ඇතැමුන්ට නැති බව පෙනී යයි.

කඩු කිණිසි සොයා නිරායුධ කරනවා වෙනුවට නින්ද ගම් ලැබේ නම් සිංහලයාගේ බෞද්ධයාගේ අනාගත ඉරණම කෙසේ විය හැකිද?

විනාශ කරමින් පැවති බෞද්ධ සිද්ධස්ථාන එලෙසමය. දහනම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බල රහිත කළ ජනපතිට යළි ශක්තිය නොලෙැබෙන්නේ නම් අප සියල්ලන්ගේම අපේක්ෂා භංග වනු නියතය. රටක් ජාතියක් සාසනයක් ගැන කවර කථාද?

SendShareShare
Previous Post

ප‌ෝර්ට් සිටියේ පර්චසයක් එක්කෝටි තිස් ලක්ෂයක්! ආණ්ඩුව ‌‌ගොඩ යන්න හදන හැටි ‌මෙන්න

Next Post

සජිත් ‌වෙනම යන්න තීන්දු කරයි

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.