කොළඹ වරාය නගරයේ පර්චසයක් රුපියල් මිලියන 13කට, එසේත් නැත්නම් රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට වඩා ඉහළ මිලකට තක්සේරු කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව අදාළ ඉඩම් 99 අවුරුද්දකට බදුදීම හරහා ආණ්ඩුව අමෙරිකානු ඩොලර් බිලියන 1.8ක මුදලක් උපයාගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
මීට අමතරව පෝර්ට් සිටියේ ව්‍යාපෘති සමාගම වන චීන ‘චෙක්’ ආයතනය මෙම ඉඩම් විකිණීම අමෙරිකානු ඩොලර් බිලියන 3.4ක මුදලක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව පැවසේ.
ලබන ජුලි මාසයේදී සිංගප්පුරුවේදී මෙහි පළමු ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදාළ සමාගම සැලසුම් කර ඇත.










