ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නුවර ජීවත්වන බවට විදෙස් මාධ්‍ය අනුමාන කර තිබේ.
එදා වේල පිරිමසාගත නොහැකිව වැරහැලි හැඳ දිනය පුරා සිඟමන් යදින යාචකයන් අතර, මෙවැනි අරුම පුදුම කෝටිපතියකු සීටිම මේ වන විටත් සමාජ මාධ්‍ය ජාල අතර වැඩි කතාබහට ලක්වෙමින් තිබේ.
භාරත් ජෙයින් නැමැති මේ යාචකයා මුම්බායි නුවර වීදි පුරා සිඟමනේ නිරතව සිටින බවත්, ඔහු විවාහකයකු බවත් වාර්තා වේ බිරිය පුතුන් දෙදෙනා, සොහොයුරා සහ පියා සමඟ ඔහු පදිංචිව සිටින නිවස ඉන්දීය රුපියල් කෝටි 1.2ක වටිනාකමින් යුතු බවත් අනාවරණ වී ඇති අතර, ඔහුගේ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 7.5ක් බව ඉන්ඩියන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.
මීට අමතරව ඔහු සතුව වෙළෙඳසැල් දෙකක් ඇතැයි ද ඒවා රුපියල් තිස්දහස බැගින් කුලියට දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
බොහෝ යාචකයන් දෛනිකව වැඩිපුර කාලයක් වැයකරමින් වුවද සොච්චම් මුදලක් සොයාගන්නා අවස්ථාවක මේ කෝටිපති යාචකයා පැය 12ක් පමණ ඇතුළත ඉන්දීය රුපියල් 2,500ක මුදලක් සොයාගැනීමට සමත් වන බවත් වාර්තා වේ.
dinamina










