පසුගිය දින හතක කාලය තුළ කිලිනොච්චිය මහ රෝහලේ අලුත උපන් බිළිදු දරුවන් සිව් දෙනෙකු මියගොස් ඇති බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.Sri Lanka Latest News
මෙම මරණවලට හේතුව වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලද, නැතිනම් වෙනත් හේතුවක්ද යන්න පිළිබදව සොයා බලමින් සිටින බව පැවසේ.
මියගිය බිළිදුන් දෙදෙනෙකුගේ දෙමව්පියන්, ඔවුන්ගේ දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස කිලිනොච්චිය රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව වාර්තා වේ.
2022 වසරේ දී, කිලිනොච්චිය මහ රෝහළ තුළ අළුත උපන් බිළිදු මරණ 15 ක් වාර්තා වී තිබෙන බව පුවත්පත පවසයි. එමෙන්ම, 2020 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ දැනට බිළිදු මරණ 10 ක් කිලිනොච්චිය රෝහලෙන් වාර්තා වී ඇතැයි පුවත්පත වැඩිදුරටත් සදහන් කරයි.










