ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය තුළ සිටින ඩීල්කාරයන් සහ ද්‍රෝහියන් රටට හෙළිදරව් කිරීමට තමා සූදානමින් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එළඹෙන මැතිවරණ වේදිකාවේදී මෙම ඩීල්කාරයන් සහ ද්‍රෝහියන් රටට හෙළිදරව් කරනවා පමණක් නොව ඔවුන්ට ජන්දය ලබා නොදෙන ලෙසට තමන් පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක්ද කරන බවකි.
කැළණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










