පාර්ලිමේන්තුව වේලාසනින් කැදවීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැදවා සාකච්චා කිරීම සම්ප්‍රදාය නමුත් පසුගිය අගහරුවාදා පක්ෂ නායක රැස්වීමක් පවත්වන්න යෙදී තිබුනත් එය හිටිහැටියෙම සිකුරාදාට කල් දැමු නමුත් බ්‍රහස්පතින්දා, සෙනසුරාදා පාර්ලිමේන්තුව කැදවන බවට නිවේදනය කල බවත් පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබිය දී පාර්ලිමේන්තුව කැදවීමක් නිවේදනය කල හැකි ද කියා තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙන්තුවේදී පැවසීය. Sri Lanka Latest News
මෙ සම්න්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැදවා දැනුම දුන්නේ නම් සාධාරණ බවත් කතානායකට හෝ අග්‍රාමාත්‍යවරයාට ඒ සදහා ඇති ව්‍යවස්ථානුකුල බලය ප්‍රශන කිරීමක් නොවන නමුත් එවැනි තීරණයක් පක්ෂ නායකයන් දැනුවත් නොකර ගැනීම සාධාරනද කියා අසන බවත් විපක්ස නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.










