පසුගිය වසරේ පැවැති මැතිවරණයේදී ගෙනගිය නීතිවිරෝධී ක්‍රියාකලාපය මුල්කරගෙන බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සනාරෝ හට වසර 8ක් රාජ්‍ය නිලතල දැරීම තහනම් කරමින් නියෝගයක් පැනවීමට එරට ෆෙඩරල් මැතිවරණ අධිකරණය පියවර ගත්තේය. Sri Lanka Latest News
බ්‍රසීලයේ විද්‍යුත් ඡන්ද ක්‍රමය පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සඳහා 2022 ජූලි මාසයේදී මැතිවරණයට පෙර, 68 හැවිරිදි බොල්සොනාරෝ ඔහුගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදකරු කිරීමට විනිසුරුවරු මෙහිදී කටයුතු කළහ.
විනිසුරුවන් හත් දෙනාගෙන් පස් දෙනකුම මෙම තීන්දුවට එකගතාව පළකොට තිබිණ.
නඩු විභාගයේ බහුතර මතය ලියා ඇත්තේ විනිසුරු බෙනඩිටෝ ගොන්කාල්ව්ස් විසිනි. ඔහු කියා සිටියේ බොල්සොනාරෝ තානාපතිවරුන් සමඟ මැතිවරණයට පෙර පවත්වා ඇති රැස්වීමක් “සැක පතුරුවා හැරීමට සහ කුමන්ත්‍රණ න්‍යායන් උසිගැන්වීමට” භාවිතා කළ බවයි.
මීට අමතරව තවත් තීන්දු කිහිපයක්ද ඉදිරියේදී බොල්සනාරෝට එරෙහිව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.










